වලාකුලක් රාත්තල් මිලියනයක් බරයි



වලාකුළු සුදු පුළුන් ගොඩවල් වගේ පෙනුනත්, ඒවා ඇත්තටම ඉතාම බර බව ඔබ දන්නවාද? එක වලාකුළක බර රාත්තල් මිලියනයකට වඩා වැඩිය. බැලූ බැල්මට, වලාකුළු සැහැල්ලු පුළුන් ගොඩවල් වගේ පෙනුනත්, ඒවා ඇත්තටම ඉතාම බර ජල ප්‍රමාණයක් රඳවාගෙන සිටියි.

සාමාන්‍ය කැටි වලාකුළක (Cumulus cloud) කිලෝග්‍රෑම් 500,000 ක් පමණ ජල බිඳිති අඩංගු වෙයි. රාත්තල්වලින් නම් එය මිලියන 1.1 කි. අලි ඇතුන් 100කගේ බරට එය සමානය.

බර ඇතිවන්නේ වලාකුළේ තියෙන ජල අංශු වලිනි. වාතයේ පීඩනය හෝ වාතයේ බර මෙයට ඇතුළත් නොවන බව විද්‍යාඥයෝ පැහැදිලි කරති.

විශාල වලාකුළු මෙතරම් බර නම්, ඇයි ඒවා පහළට කඩාගෙන නොවැටෙන්නේ? ඒක හොඳ ප්‍රශ්නයක් නේද?

එසේ නොවන්නේ ඝනත්වය නිසා. වලාකුළුවල ජලය තිබුණත්, ඒ ජල බිඳිති විශාල ප්‍රදේශයක පැතිරී ඇති නිසා, ඒවා පහළ තියෙන වියළි වාතයට වඩා ඝනත්වය අඩුය. එය හරියට තෙල් වතුර මත පාවෙනවා වැනිය. වලාකුළු ඝන වාතය මත පාවෙයි. මේ සියුම් සමතුලිතතාව නිසා වලාකුළු ටොන් ගණනක් බර තෙතමනයක් රැගෙන ගියත් අහසේ පාවෙමින් අලංකාරව ගමන් කරයි.

(ලයිව් සයන්ස්)


RECOMMEND POSTS