ලෝකයේ වයස්ගතම අත්තම්මාට අවුරුදු 116යි
1800 වර්ෂවල උපත ලද අවසාන පුද්ගලයා වශයෙන් සැලකෙන ඉතාලියානු ජාතික කාන්තාවක් වන එමා මොරානොගේ දැන් වයස අවුරුදු 116කි. ලෝකයේ ජීවත්වන වයස්ගතම පුද්ගලයා වශයෙන් වර්තා පොතට ඇතුළත්වීමට ඇය සමත්වී ඇත.
මෙතරම් කාලයක් ජීවත්වීමට ඇයට හැකිවූයේ ප්‍රධානතම වශයෙන් අමු බිත්තර ආහාරයට ගැනීම, බ්‍රැන්ඩි බීම, කලින් නින්දට යෑම හා තනිකඩ ජීවිතයක් ගතකිරීම යන කරුණු නිසා යයි ඇය පවසයි.
ඇයට වඩා මාස ගණනක් වැඩිමහල් කාන්තාවක් වූ නිව්යෝක් නගරයේ ජීවත්වු සුසන්නා ජෝන් පසුගියදා මිය ගියාය. ඒ අනුව එමා මොරානෝ ලෝකයේ වයස්ගතම කාන්තාව බවට පත්වූවාය. මේ බව එමාගේ සාත්තුසේවිකාව වන රෝසි සැනටනී ටෙලිග්‍රාප් වෙත කියා සිටියේය.
එමා ස්විට්සර්ලන්ත දේශසීමාව ආසන්නයේ ඇති උතුරු ඉතාලියානු කොටසේ ඇති පියොද්මොන්ට් ගමේදී 1899 නොවැම්බර් 29දින මෙලොව එළිය ලබා ඇත. මෙම ගම්මානය කුඩා විලක් අසල පිහිට ඇති රමණීය පෙදෙසකි. ඇගේ වයස 116ක් වුවත් ඇය තවමත් ඇගේ තනි කාමරයේ නිවස තුළ මනා සෞඛ්‍ය සම්පන්නව ජීවත්වෙයි.
ඇය යොවුන් වියේදි වෛද්‍ය උපදෙස් මත රක්තහීනතාවය සදහා සෑමදාම අමු බිත්තර, හීනයට කපනලද මස් හා ඉතාලියානු කෑමක් වන පෙස්ටා ආහාරයට ගෙන ඇත.
තම අසතුටුදායක විවාහ ජීවිතයෙන් සමුගෙන ඇති අතර එය ඇයට වැඩි කාලයක් ජීවත්වීමට උපකාරී වී ඇත බව ඇය ටයිම්ස් වෙත ප්‍රකාශකර ඇත.
“මම ආසා නෑ මාව කවුරුවත් පාලනය කරනවට“,
“මට මගේ විවාහය නැතිවුනාම හුගාක් මට විවාහා යෝජනා ගෙනාවා නමුත් මම එකකටවත් කැමති වුනේ නෑ“
ඇය කර්මාන්තශාලාවක කෝකිවරියක් වශයෙන් සේවය කර ඇත. වසර 41ක සේවයකින් අනතුරුව වයස 75දී ඇය එයින් විශ්‍රාම ගියාය.
(ඉන්ඩිපෙන්ඩන්ට් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක