රොකට් කැබැල්ලක් හඳට වැටෙන්නයි යන්නේ



වසර 7 ක් තිස්සේ අභ්‍යවකාශයේ පාවෙමින් තිබූ  ඇමෙරිකාවේ ස්පේස් එක්ස් අභ්‍යවකාශ සමාගමට අයත් ටොන් 4 ක් බර රොකට්ටුවක කොටසක් ලබන මාර්තු හතර වැනිදා වනවිට සඳ මතුපිටට කඩා වැටීමට නියමිත බව විද්‍යාඥයෝ පවසති.

කඩා වැටෙනු ඇත්තේ ‘ෆෝල්කන් 9’ වර්ගයේ රොකට්ටුවක බූස්ටර් කොටසය. මෙම රොකට්ටුව 2015 පෙබරවාරි මාසයේ ෆ්ලොරිඩාවෙන් අභ්‍යවකාශය බලා ගොස් ඇත්තේ, අන්තර් ග්‍රහලෝක රහස් සොයන නිරීක්ෂණ යානායක් අභ්‍යවකාශයේ ඈතට මුදා හැරීමටය. එම මෙහෙයුම සාර්ථක වූ අතර, රොකට්ටුවේ බූස්ටර් කොටස අභ්‍යවකාශ කසළ අතරට එක් විය.

විද්‍යාඥයන් වැඩි දුරටත් පවසා ඇත්තේ රොකට්ටු කොටස සඳ මතුපිටට කඩා වැටුණහොත්, එය සුනුවිසුණු වී තවත් මෙටි්‍රක් ටොන් හතරක් පමණ අභ්‍යවකාශ කසළ කොටස් අභ්‍යවකාශයට එක් වනු ඇති බවය.

රොකට්ටු කැබැල්ල සඳේ ගුරුත්ව බලයට හසුවී, සඳ වෙත ඇදී යනු ඇත්තේ පැයට කිලෝමීටර් 9,288 වේගයකින් බව ද පැවැසෙයි. රොකට්ටු කැබැල්ල සඳේ කුමන ස්ථානයකට නඩා වැටෙනු ඇතැයි ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

(රොයිටර්)


RECOMMEND POSTS