මේකප් නැතිව ලස්සන නැහැයි මනාලයා මනාලියව එපා කියලා





විවාහ මංගල උත්සවය ඔන්න මෙන්න තිබියදී, ‘මේකප්’ නොමැතිව මනාලිය ලස්සන නැතැයි පවසමින්, ඇය ප්‍රතික්ෂේප කළ මනාලයකු ගැන සාජා නුවරින් වාර්තා වේ.
මේ බව වාර්තා කර ඇත්තේ ගල්ෆ් නිවුස් පුවත් සේවයයි. ඔවුන්ට මේ ගැන තොරතුරු ලබා දී ඇත්තේ මනෝවෛද්‍යවරයා වෛද්‍ය අබ්දුල් අසීස් අසාෆ්ය. සිත් තැවුලට පත් එම තරුණියට ප්‍රතිකාර ලබා දෙන්නේ මෙම මනෝවෛද්‍යවරයාය.
තරුණියගේ අනන්‍යතාව හෙළි කර නොමැති නමුත් ඇය 28 හැවිරිදි යුවතියක බවත් ඇය විවාහ කර ගැනීමට ගොස් ‘එපා’ කියා ඇත්තේ 34 හැවිරිදි අරාබි තරුණයකු බවත් වෛද්‍ය අබ්දුල් අසීස් අසාෆ් පවසා තිබේ.
මනාලයා මෙම මනාලිය බැලීමට පැමිණෙද්දී ඇය ‘මේකප්’ තට්ටු තවරා ගෙන සුන්දර ලෙස පෙනී සිට ඇත. තරුණයා එක් අවස්ථාවක තරුණිය සමඟ පිහිනීමට ගොස් ඇති අතර තරුණියගේ සැබෑ ‘සුන්දරත්වය’ තරුණයාට දැක ගැනීමට හැකි වී ඇත්තේ මේකප් සියල්ල සේදී ඉවත් වෙද්දීය.
‘මේකප්’ නොමැතිව තරුණයාට ඇය හඳුනා ගැනීම පවා අපහසු වී ඇත. තමා රැවටුවා යැයි චෝදනා කරමින් ඇය ප්‍රතික්ෂේප කිරීමට ඔහු කටයුතු කර ඇත්තේ ඉන්පසුවය.
මනාලියට ප්‍රතිකාර කරන මනෝ වෛද්‍යවරයා වෛද්‍ය අසාෆ් ගල්ෆ් පුවත් සේවය සමඟ වැඩිදුරටත් අදහස් දක්වමින් සිත් තැවුලට පත් ඇයට හැකි අයුරින් පිහිට වීමට තමන් කටයුතු කරන බවය.

(ගල්ෆ් නිවුස් ඇසුරිනි)


 


RECOMMEND POSTS