බ්‍රසීලයේ හිටපු ජනාධිපති තල්මසෙකුට කරදර කරලා



තල්මසකුට හිරිහැර කළේ යැයි බ්‍රසීලයේ හිටපු ජනාධිපති යාර් බොල්සරානෝට චෝදනා එල්ල වී ඇති බවත්, එම චෝදනා සම්බ්නධයෙන් බ්‍රසීල ෆෙඩරල් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බවත් බි්‍රතාන්‍යයේ ‘ද ගාඩියන්’ පුවත්පත වාර්තා කර තිබේ.

හිටපු ජනාධිපතිවරයා, පසුගිය ජූනි මාසයේ, බ්‍රසීලයේ ගිණිකොණදිග වෙරළ තීරයේ සාඕ සෙබෙස්තියෝ නගරයේ නිවාඩුවකට ගොස්, මුහුදේ විනෝද වෙමින්, ජල ක්‍රීඩා කරමින් කරමින් සිටිද්දී, ඔහු මෙම තල්මසාට හිරිහැර කළේ යැයි ‘ද ගාඩියන්’ පුවත්පත පෙන්වා දී ඇත.

හිටපු ජනාධිපතිවරයා මුහුදේ විනෝදවෙමින් සිට ඇත්තේ ජෙට්ස්කී යාත්‍රාවක් පදිමිනි. ඔහු විනෝදවෙමින්  සිටි තැනට මීටර් 15 ක් පමණ දුරින් මොල්ලි තල්මසකු පිහිනමින් සිට අතර, හිටපු ජනාධිපතිවරයා මෙම තල්මසා අසලට ජෙට්ස්කී යාත්‍රාව පදවා ඇත්තේ එය තල්මසාගේ සිරුරේ ගැටීමට ද සලස්වමිනි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්, හිටපු ජනාධිපති බොල්සරානෝට එරෙහිව, පොලිසියට පැමිණිලි කර ඇත්තේ, සිද්ධිය දුටු පිරිස් සහ පරිසරවේදීන් කණ්ඩායමකි. සිද්ධිය අදාල වීඩියෝ දසුන් ද ඔවුන් පොලිසියට ලබා දී ඇතැයි පැවැසෙයි.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති බොල්සරානෝ පවසා ඇත්තේ එම වීඩියෝ දසුන්වල සිටින පුද්ගලයා තමා නොවන බවය.


RECOMMEND POSTS