නව හැවිරිදි දරුවාගේ උදරයෙන් කොණ්ඩ කටු 50ක්
වයස අවුරුදු 9ක පිරිමි දරුවකුගේ උදරයේ තිබී කොණ්ඩ කටු 50ක් ඉවත්කර ඇත.
මෙම කොණ්ඩ කටු ඉවත්කර ඇත්තේ සවුදි අරාබියේ අභා නගරයේ පිහිටි කාන්තා හා ළමාරෝග රෝහලේදීය. වෛද්‍ය අඩෙල් මොහිදීන් අල්සහරානි සහ ඔහුගේ වෛද්‍ය කණ්ඩායම විසින් මෙම පැය 3ක ශල්‍ය කර්මය සිදුකිරීමෙන් අනතුරුව මේවා ඉවත් කිරීමට හැකිවී ඇත.
මෙම ශල්‍ය කර්මයෙන් පසුව දරුවා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවෙන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
දරුවන් ගැන මීට වඩා සැලකිලිමත් වන ලෙසටත්, ඔවුන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ආරක්ෂාව සලසන ලෙසට මෙම රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා දෙමාපියන්ට අවවාද දෙමින් කියා සිටියේය.
GDN online ඇසුරෙනි
(ජානක ප්‍රියදර්ශන ජයතිලක)