දික්කසාද නඩුව ප්‍රශ්න කරද්දී සැමියා මියගිහින්



සෞදි සැමියාගෙන් දික්කසාද වීම සදහා බිරිද විසින් දික්කසාද නඩුවක් මක්කම අධිකරණයේ ගෙනු කරන ලදී.  

නඩුව මෙහෙයවු විනිසුරු දික්කසාද නඩුවට අදාලව සැමියාගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කල අතර ටික වේලාවකින් තමන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරුදීමට ඔහුට නොහැකි බව විනිසුරුවරයාට වැටහිනි.

සිදුව ඇත්තේ කුමක්ද යන්න පරීක්ෂා කල අතර හුස්ම නතරවී ඇති බව තහවුරු විය

වෛද්‍ය කණ්ඩායම් පැමිණ විනාඩි 20ක් පමණ පරීක්ෂා කල අතර පරීක්ෂණයෙන් අනතුරුව හුස්ම හිරවී මියගොස් ඇති බව අනාවරණය වීය.   

සැමියාගේ මරණය ඇසීමෙන් පසු බිරිද කඳුළු සලමින් හඩන්නට පටන් ගත් බව වාර්තා වේ.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙන්)


RECOMMEND POSTS