ඩයනාගේ ස්වේටරයට මිලියන 1.1 ක්



අභාවප්‍රාප්ත ඩයනා කුමරිය භාවිත කළ ස්වේටරයක්, එරට වෙන්දේසියකදී ඇමෙරිකන් ඩොලර් මිලියන 1.1 ක මුදලකට අලෙවි වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඩයනා කුමරිය භාවිත කළ ඇඳුම් අතුරින් වෙන්දේසියකදී ඉහළම මිලකට අලෙවි වූ ඇඳුම මෙය බව ද පැවැසෙයි.

අන්තර්ජාලය මඟින් ලංසු තැබීමේ ක්‍රමවේදයට අනුව වෙන්දේසිය පවත්වනු ලැබූ ආයතනය නිවේදනය කර ඇත්තේ, එම ස්වීටරය එවකට ඩයනා කුමරිය භාවිත කළ ඇත්තේ අවුරුදු 19 දීය.

ඩයනා කුමරිය 1981 ජුනි මාසයේ පැවැති පෝලෝ ක්‍රීඩා තරගයකදී එවකට චාල්ස් කුමරු හා විවාහ ගිවිස ගැනීමෙන් දින කිහිපයකට පසු එම ස්වීටරය පැලඳ පෝලෝ ක්‍රීඩා තරගය නැරඹීමට පැමිණ සිටි බව ද වෙන්දේසි ආයතනය සඳහන් කර ඇත.


RECOMMEND POSTS