ගිරවුන්ට ගිය කලක්
අමුත්තන්ට බැණ වැදී ගිරවුන් පස් දෙනෙකු ගැන එක්සත් රාජධානියේ ලින්කන්ෂයර් වනජීවී උද්‍යානයේ සත්වෝද්‍යානයෙන් වාර්තා වේ. ඒ, අප්‍රිකානු සම්භවයක් ඇති අළු ගිරවුන් පස් දෙනෙකු වන බිලී, එල්සි, එරික්, ජේඩ් සහ ටයිසන් නම් ගිරවුන් පස් දෙනාය.
ඔවුන් උද්‍යානයට පැමිණි අමුත්තන්ට නරක වචන කියමින් බැන වදිමින් අමුත්තන්ව අපහසුතාවයට පත් වන ආකාරයට සිනාසුණු බවයී වාර්තා වන්නේ. මේ සිද්ධියෙන් පසුව එම සතුන් පස් දෙනා වෙන් කර තබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මෙම සිදුවීම සිදුවන්නට පෙර මෙම ගිරවුන් පස් දෙනා එකම කාමරයේ තබා ඇති අතර, එහිදී ඔවුන් මිනිසුන්ගෙන් සහ එකිනෙකාගෙන් නරක වචන ඉගෙන ගෙන ඇතැයි පවසයි. මිනිසුන්ගේ නොමනා හැසිරීම් සතුන්ගේ මේ අමුතු හැසිරීම් වලට හේතූ වූවා යැයි විදෙස් මාධ්‍ය පවසා ඇත.
මෙම සිදුවීමෙන් පසුව මහජනතාවට සිදු වූ අපහසුතාවය නිසාත්, උද්‍යානයට පැමිණි ළමයින්ට පවා ගිරවුන් පස් දෙනා කරදරයක් වූ නිසාත් උද්‍යාන කාර්‍යය මණ්ඩලය දැඩි ලෙස කනස්සල්ලට පත් විය. එම තත්ත්වය තවත් උත්සන්න වීමට හේතුවක් වුණේ, මෙම ගිරවුන් අනෙක් ගිරවුන් 200 දෙනාටත් නරක වචන ඉගැන්වීමට පටන්ගැනීමත් සමඟ ය.
මේ හේතුවෙන් ලින්කන්ෂයර් වනජීවී උද්‍යානයේ පාලකයින් ගත් ක්‍රියාමාර්ගය වූයේ, එම ගිරවුන් එකිනෙකා එකට එකතු වීම නැවැත්වීම යි. බලධාරීන් ඒ සඳහා ගිරවුන් පස් දෙනාව විවිධ ප්‍රදේශවලට යවා ඇත.
මේ කතාවම හා සමාන කතාවක් අපගේ පන්සිය පනස් ජාතක පොතේ සඳහන් සත්තිගුම්භ ජාතකයෙන් පැවසේ. ඒ, කතාව කෙටියෙන් කිවහොත්, ''ඉන්දියාවේ උත්තර පංචාල නුවර මහ ඉඹුල් කැලයක ජීවත් වූ ගිරා පවුලක පුංචි ගිරා පැටවුන් දෙන්නෙක් සිටියා. දවසක් මහ සුළඟක් ඇවිත් මේ ගිරා පැටවුන් දෙදෙනා සුළඟට හසු වුණා. එයින් එක් පැටවෙක් හොරුන් වසනා ගම්මානයකට වැටී හොරු ඌව අල්ලා ගෙන හදා ගත් අතර අනෙක් ගිරා පැටියා තාපස වරුන්ගේ අසපුවකට වැටී තාපස වරු එම සතාව ආදරයෙන් හදා වඩා ගත් බව සඳහන් වේ. ඉතින් මේ හොරුන් ළඟ වැඩුනු ගිරවා නරක වචන කතා කරමින් මැරකම් පුරුදු වූ ආකාරයත්, තාපසවරුන් ලඟ හැදුනු වැඩුනු ගිරවා ප්‍රිය වචන කතා කරමින් කීකරුව හැදී හොඳ පුරුදු පුහුණු වූ ආකාරය ජාතක කතාවේ සඳහන් වේ. ඉගෙන ගැනීමට ඇති පාඩම වන්නේ, ගිරවුන් පවා නරක බලපෑමක් විය හැකි බව ය.''මේ කතාවෙන් ගත යුත්තේ කවදාවත්ම නරක ඇසුර හොඳ නැති බව ය. ඒ නරක ගති ඉබේටම අපිටත් පුරුදු වෙන නිසා ය. අපි නිතරම හොඳ යහළුවන් ආශ්‍රය කළ යුතුයි. එවිට හොඳ ගතිගුණ පුරුදු වන්නට පුළුවන්. ඒ නිසා අපි නිතරම හොඳ අයවම ඇසුරු කරමු.
ඉතින් මේ ගිරවුන් පස් දෙනත් අපේ සමාජයට දුන්නේ එවැනිම වූ පණිවිඩයක් නොවේ ද? අප තව දෙයක් සිහි තබා ගත යුතුයී, ඒ තමා අද කාලේ ගිරවෙක්ට අයහපත් විදිහට හැසිරෙන්නට පුළුවන් බවයි. එබැවින් දෙමාපියන් දරුවන් ගැන තවත් සැලකිළිමත් විය යුතු ය.
මනීෂී මංජරී