ගස් නගින කිඹුල්ලු



ගස් නැගිය හැකි කිඹුලන් විශේෂ ලේකයේ සිටින බව ඇමෙරිකාවේ ටෙනිසී විශ්ව විද්‍යාලයේ බර්යේෂකයන් කණ්ඩායමක් පවසයි. ඒ, ඔවුන් සිදුකළ නව අධ්‍ය්‍යනයකින් පසුවය. අප්‍රිකාවේ, ඕස්ට්‍රේලියාවේ සහ උතුරු ඇමරිකාවේ කිඹුලන් ගැන විමසිල්ලෙන් සිටිමින්, විද්‍යාඥයන් කණ්ඩායම මේ බව අනාවරණය කරගෙන ඇත.

එම අධ්‍යයනයට අනුව, ගස් නැගීමේ හැකියාව ඇත්තේ කිඹුල් විශේෂ 4 කට පමණි. මීටර් 4 ක් පමණ උස ගස්වලට නැග අව්ව තැපීමට කිඹුලන් ප්‍රිය කරන බව පැවැසෙයි. කිඹුලා උරගයෙකු වන අතර, කබරගොයින් සහ තලගොයින් අතරට අයත් වෙයි.

කබරගොයින් සහ තලගොයින් යනු ගස් නගින උරගයන් බව අමුතුවෙන් කිව යුතු වන්නේ නැත. සාමාන්‍යයෙන් අප කිඹුලන් ගස්වල සිටිනවා දැක නැති අතර, කිඹුලන් බහුලව දකින්න ලැබෙන්නේ ජලයේත්, ගංගා ආශ්‍රිත ඉවුරුවලත් පමණි.

ලුසිත ජයමාන්න‍
The Brain Maze ඇසුරිනි

RECOMMEND POSTS