ගලේ සිරවී තිබුණු කඩුව අතුරුදන්වෙලා



ප්‍රංශ නගරයක ගල් බිත්තියක විවරයක සිර කළ ඓතිහාසික වටිනාකමකින් යුත් පුරාණ අසිපතක් අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. 

මෙම අසිපත වසර 1,300 ක් තිස්සේ ගල් බිත්තියේ සිරවී තිබුණු බවත්, එය ඉතාමත් මුවහත් බවත් පැවැසෙයි. අසිපත රඳවා ඇත්තේ අඩි 100 ක් පමණ ඉහළිනි.

‘ඩුරන්ඩල්’ අසිපත යනුවෙන් හැඳින්වෙන මෙම අසිපත මැජික් අසිපතක් බවත්, මෙය ආතර් රජුගේ ‘එස්කැලිබර්’ මැජික් මැජික් අසිපත හා සමාන ප්‍රංශ සාහිත්‍යයේ සඳහන් අසිපතකි. 11 වැනි සියවසේ රචනා කළ කවියක ද මෙම ‘ඩුරන්ඩල්’ අසිපත ගැන සඳහන් වෙයි.


RECOMMEND POSTS