කුරුල්ලෝ බේරා ගන්න මීයෝ මරණවා



නවසීලන්තයේ වෙලිංටන් නුවර වෙසෙන, එම නගරය අයත් පළාතට පමණක් සීමා වුණු කුරුල්ලන් බොහොමයකට මීයන්ගෙන් තර්ජන එල්ල වී ඇත. එහෙයින්, කුරුලු ගහනය රැක ගැනීමට මීයන් මරා දැමීමට නවසීලන්ත රජය තීරණය කර ඇත.

විශාල මහද්වීපයක කොටසක් වුණු නවසීලන්තය, දූපත් රාජ්‍යයක් ලෙස කැඩී වෙන්වී ගියේ මීට අවුරුදු මිලියන 85 කට පෙරය. ඒ, ක්ෂීරපායීන්ගේ නැගී සිටීම සිදුවීමටත් පෙර කාලයේය.

නවසීලන්තය මිනිස් වාසයට තෝරා ගැනීම සිදුවූයේ 13 වැනි සියවසේ යැයි පැවැසෙයි. නවසීලන්තයේ ජනාවාස පිහිටුවාගත් පොලිනීෂියානුවන් සමග පැසිෆික් දූපත්වල බහුලව දකින්න ලැබෙන මීයන් නවසීලන්තයට පැමිණ ඇත.

තවත් දශක 6 ට පමණ පසු යුරෝපීයන්ගේ ආගමනයත් සමග බළලුන් වැනි සතුන් නවසීලන්තයේ ව්‍යාප්ත විය. නවසීලන්තයට පමණක් ආවේණික කුරුලු විශේෂ බොහොමයක් අද මෙම විලෝපිකයන් නිසා හරටින් තුරන් වී යෑමේ තර්ජනයකට මුහුණ පා සිටී.


RECOMMEND POSTS