කාර් 100 ක් හැපිලා



චීනයේ සූචොව් නගරයේ මාර්ගයක මෝටර් රථ 100 ක් එකිනෙක ගැටීමෙන් විශාල රිය අනතුරක් සිදුව ඇති බව චීන මාධ්‍ය වාර්තා කළේය. සූචොව් නගරයට බලපෑ කාළගුණික තත්ත්වය මෙම රිය අනතුරට හේතු වී ඇතැයි චීන බලධාරීහු ප්‍රකාශ කළහ.

රිය අනතුර සිදුවූ ප්‍රදේශයට අධික හිම පතනයක් වාර්තා වී ඇති බවද චීන බලධාරීහු පැවැසුහ. කෙසේ වෙතත් රිය අනතුරෙන් ජීවිත හානි වී නොමැති බවත් පසුගිය (22) උදෑසන 7 ට පමණ මෙම රිය අනතුර සිදුව තිබෙන බවත් චීන බලධාරීහු සඳහන් කළහ. අනතුර හේතුවෙන් තුවාල ලැබූ තුන් දෙනකු රෝහල් ගත කර ඇති බවත් තවත් 6 දෙනකු සුළු තුවාල ලබා ඇති බවත් චීන බලධාරීහු පැවසූහ.

ඇතැම් මෝටර් රථ එකිනෙක මත ගොඩ ගැසී ඇති බවද චීන බලධාරීහු ප්‍රකාශ කළහ.


RECOMMEND POSTS