කාම්බෝජයේ වලකට අලි රංචුවක්ම වැටිලා



කාම්බෝජයේ මොන්ඩුල්කිරි ප්‍රදේශයේ වන රක්ෂිතයක් අසල විශාල මඩ වලකට වැටී ගොඩ ඒමට නොහැකිව සිටි අලි රංචුවක් බේරා ගැනීමට කාම්බෝජ වන ජීවී නිලධාරීන් සහ ප්‍රදේශයේ ගම් වැසියෝ පසුගිය දා සමත් වූහ.

මඩවලට අලි 11 දෙනෙක් වැටී සිටියාහ. උන් දිය බීමට පැමිණ මඩ වලට වැටෙන්න ඇතැයි සැක කෙරේ. වන ජීවී නිලධාරීන්ට අලි රංචුව ගැන දැනගන්න ලැබී ඇත්තේ උන් වලට වැටී දින 3 කට පසුව යැයි ද වාර්තා වේ.

අලි රංචුව වැටී ඇති එම වල නිර්මාණය වී ඇත්තේ බෝම්බ පිපිරුමකින් යැයි ද පැවැසෙයි. අලි රංචුව අඩි 10 ක් ගැඹුරු මෙම වලට වැටී ඇත්තේ දිය බීමට පැමිණි අවස්ථාවේදී යැයි සැක කෙරේ.

කාම්බෝජ පරිසර අමාත්‍යාංශ නිලධාරී කියෝ සොපීක් කියා සිටියේ මඩ වල ඉවුර කපා අලින්ට පහසුවෙන් ගොඩවීමට මඟ සලසා දීමට වන ජීවී නිලධාරීහු කටයුතු කළ බවය.

ඉන්පසු අලි රංචුවේ එකිනෙකා වගෙන් ගොඩට පැමිණ ඇත. අලි රංචුව මඩ වලෙන් බේරී යන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් මේ වනවිට විදෙස් පුවත් සේවා හරහා ප්‍රසිද්ධියට පත්වී ඇතැයිද වාර්තා වේ.

(ඬේලිමේල් ඇසුරිනි)


RECOMMEND POSTS