ඔන්ලයින් වෙඩිම



 
ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ නායකයකුගේ පුතකු සහ පාකිස්තානයේ ලාහෝර් නුවර තරුණියක අතර අන්තර් ජාලය හරහා විවාහ මංගල උත්සවයක් පැවැත්විණි. ඒ, මනාලයා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන්ට මනාලිය වෙත යෑමට වීසා නොලැබුණු බැවිනි.
 
වීසා නොලැබුණු මනාලය අබ්බාස් හයිඩර් වන අතර, ඔහුගේ පියා තෂීන් ෂාහීබ්ය. අබ්බාස් හයිඩර්, තෂීන් ෂාහීබ් සහ පවුලේ අය මංගල්‍යය සඳහා පාකිස්තානයට යෑමට වීසා ඉල්ලුම් කළේ මීට දින කීපයකට පෙරය. කෙසේ නමුත් මංගල දිනය ළං වුවත් පාකිස්තාන රජය වීසා නිකුත් කර තිබුණේ නැත.
වීසා අර්බුදය, අන්ද්ලීබ් සහාරා නමැති මනාලිය, ඇගේ මව රානා යැස්මීන්ට මහත් කම්පනයක් වූ අතර, මනාලියගේ මව රානා යැස්මීන් රෝගී වී ලාහෝරයේ රෝහලකට ඇතුළත් කෙරුණු අතර ඇයදැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. අන්ද්ලීබ් සහාරා, අබ්බාස් හයිඩර්ගේ ඥාති සොහොයුරියක ද වෙයි.
 
කළ හැකි දෙයක් නොවූ බැවින්, මංගල උත්සවයේ චාරිත්‍ර අන්තර් ජාලය ඔස්සේ සිදු කිරීමට හයිඩර් තීරණය කළේය. ඒ අනුව, හයිඩර් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ජාන්පූර් නගරයේ සිටත්, මනමාලිය සහ ඇගේ පවුලේ සාමාජිකයන් ලාහෝර් නගරයේ සිටත් ඔන්ලයින් සම්බන්ධ වී විවාහ මංගල උත්සවයේ චාරිත්‍ර සම්පූර්ණ කළහ. වීසා ලැබුණු විගස මනාලයා සහ පවුලේ අය ලාහෝර් බලා යෑමට සූදානමින් සිටින බව ද පැවැසෙයි.

RECOMMEND POSTS