උතුරු කොරියාවේ කසල බැලූන දකුණු කොරියාවට



උතුරු කොරියාවේ සිට දකුණු කොරියාව දෙසට කුඩා බැලූන සියයකට වැඩි ගණනක් පා වී ආ බවත්, දකුණු කොරියානු දේශසීමා හමුදාව ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවුණු බවත් වාර්තා විය.

දකුණු කොරියානු හමුදාව පවසන්නේ, උතුරු කොරියානුවන්, ඔවුන්ගේ කසල එල්ල, මෙම බැලූන දේශසීමා හරහා දකුණු කොරියාව දෙසට එවූ බවය. බැලූන 90කට වැඩි ගණනක් දේශසීමා හරහා පා වී ආ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

‘කසල බැලූන’ පා වී එද්දී, උතුරු සහ දකුණු කොරියානු දේශසීමාවේ පදිංචි වැසියන්ට දකුණු කොරියානු හමුදාව අනතුරු ඇඟවූයේ දේශසීමාවෙන් ඈත් වී සිටින ලෙසය. බැලූන්වල කසල එල්ලා එවූ බව අනාවරණය වූයේ දකුණු කොරියානු හමුදාව බැලූන් කීපයක් වෙඩි කබා බිම හෙලා පරීක්ෂා කළ විටදීය.


RECOMMEND POSTS