ඉන්දීය පවුලක සාමාජිකයෝ 25 යි හැමෝගෙම අත්වලත් කකුල්වලත් ඇඟිලි 12 යි
(ඬේලිමේල් ඇසුරිනි)
ඉන්දීය පවුලක පරම්පරා ගණනාවක් තිස්සේ සියලුම සාමාජිකයන්ට අත්වලත් කකුල්වලත් අමතර ඇඟිලි පිහිටන බවත්, එය වෛද්‍යවරුන් පවා මවිතයට පත් කළ කරුණක් වී ඇති බවත් බ්‍රිතාන්‍යයේ ‘මේල් ඔන් ලයින්’ වෙබ් අඩවිය වාර්තා කරයි.
සාමාජිකයන් 25 දෙනකු සිටින මෙම පවුලේ සැමගේම අත්වලත් කකුල්වලත් ඇඟිලි 6 බැගින් 12 ක් ඇත. පවුලේ ජ්‍යෙෂ්ඨයා 50 හැවිරිදි ක්‍රිෂ්ණා චෞද්රිය. ක්‍රිෂ්ණාගේ බිරියට මෙසේ අමතර ඇඟිල්ලක් නැති නමුත් ඔවුන් දෙදෙනාගේ දරුවන්ටත් ක්‍රිෂ්ණාගේ සොහොයුරන්ගේ දරුවන්ටත් අමතර ඇඟිලි ඇත.
කලාතුරකින් මේ අයුරින් අතැමුන්ගේ අමතර ඇඟිලි දකින්න ලැබුණත්, මෙම පවුලේ මෙම අමතර ඇඟිල්ල විකෘතියක් ලෙස නොව, සාමාන්‍ය ඇඟිල්ලක් විධියටම වර්ධනය වී තිබීම සුවිශේෂත්වයකි. මෙම ඇඟිලි 12 පවුල ජීවත් වන්නේ උතුරු ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ගායා නමැති කුඩා ගම්මානයේය.
අමතර ඇඟිලි හේතුවෙන් දීග යන වයසේ සිටින දියණියන් දෙදෙනකට සැමියන් සෙවීම ගැටලුවක් වි ඇති බව ක්‍රිෂ්ණා චෞද්රි පවසා ඇත. ඉන්දියාවේ ඇදහිලි සහ විශ්වාස අනුව කාන්තාවකට එසේ අමතර ඇඟිලි පිහිටීම අවාසනාව උදා කරන කාරණාවකි.