ඇයි තවමත් වදුරෝ ඉන්නේ?

බොහෝ දෙනකු තුළ පවතින වැරදි මතයක් වන්නේ, මානව අප (මිනිසා) සෘජුවම වඳුරන්ගෙන් පැවත එන බවත්, එසේ නම් වඳුරන් සියල්ලන්ම මිනිසුන් බවට පත්විය යුතු බවත්ය.
විද්‍යාත්මක පරිණාමවාදයට අනුව මිනිසා පරිණාමය වූයේ අද ජීවත්වන වඳුරන්ගෙන් නොව, මීට වසර මිලියන ගණනාවකට පෙර පෘථිවියේ ජීවත් වූ පොදු පූර්වජයෙකුගෙනි.
මිනිසා සහ වඳුරා යන දෙපාර්ශ්වයම කොටස් දෙකකට වෙන් වී පරිණාමය විය. එය හරියට එකම මුතුන්මිත්තෙකුගෙන් පැවත එන, නමුත් එකිනෙකට වෙනස් පවුල් පරිසරයන් තුළ හැදී වැඩුණු ඥාති සහෝදරයන් දෙදෙනකු වැනිය.

