අඟහරු මතුපිට අමුතු ගලක්



වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.

සීබ්‍රාවකුගේ මෙන් වයිරම් ඇති මේ අමුතු පාෂාණය මීට පෙර අඟහරු මතුපිටින් දකින්න නොලැබීම තමන්ගේ කුතුහලයට හේතුවක් බව නාසා විද්‍යාඥයෝ පැහැදිලි කරති.

මෙම අභිරහස් ස්වරූපයක් ඇති පාෂාණය පිළිබඳ මේ වන විටත් විද්‍යාඥයන් තොරතුරු එකතු කරමින් සිටින අතර එය ෆ්‍රීයා කාසල් Freya Castle යනුවෙන් නම් කර ඇත.

විද්‍යාඥන්ට මෙම පාෂාණය දැක ගැනීමට හැකිවූයේ අඟහරු මතුපිට ගවේෂණ කටයුතු සිදු කරන නාසා ආයතනයේ පර්සියවරන්ස් රෝවරයේ ඇති MastCam-Z කැමරාවේ ආධාරයෙනි.

බැලූ බැල්මට මෙම නව පාෂාණ යමහල් පාෂාණයකට සමාන යැයි ද නාසා විද්‍යාඥයන් පැහැදිලි කර ඇත. අඟහරුගේ අතීතය ගැන අවබෝධයක් ලබා ගැනීමට මෙම නව පාෂාණය උදවු වේවි යැයි විද්‍යාඥයෝ අනුමාන කරති.


RECOMMEND POSTS