11 වසරකට පසු බඩෙන් එළියට ආ බල්බය
සෞදි අරාබියේ අල්-ආසා ප්‍රදේශයේ පිහිටා ඇති ප්‍රින්ස් සවුද් බින් ජලාවි රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් සෞදි අරාබියේ සේවයේ තිරතව සිටින ආසියානු පුද්ගලයෙකුට වසර 11කට පෙර ගිලි තිබු බල්බයක් උදරයෙන් ඉවත් කර ඇති බව සබක් පුවත්පත වාර්තා කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය.
උදරය තුල බඩවැල් වලට ආසන්නයේ අමුතු වස්තුවක් ඇති බැවින් හදිසි ශල්‍ය කර්මයක් කිරීමට වෛද්‍යවරුන් තීරණය කරන ලදී.
වයස අවුරුදු දහයේදී ඔහුට බල්බය ගිලි ඇති අතර දැන් වයස 21කි.
ශල්‍ය කර්මයෙන් පසු අසාත්මිකතා ඇතිවිය හැකි බැවින් වෛද්‍යවරුන්ගේ නිරීක්ෂණය යටතේ රෝහල තුල ප්‍රතිකාර ලබමින් ඇත.
සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරුණු පසු රෝහලෙන් පිටව යාහැකි බව පුවත්පත වැඩිදුරටත් සදහන් කර ඇත.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙන්)