හැබෑවක් වුණු වාසුකී

අතීතයේ ජීවත් වූ දැවැන්ත ප්‍රාග්ඓතිහාසික සර්ප විශේෂයක් වාසුකී ඉන්ඩිකස් (Vasuki indicus) ලෙස ඉන්දීය විද්‍යාඥයන් නම් කර ඇත. වසර මිලියන 47 කට පමණ පෙර ජීවත් වූ මෙම සර්පයාගේ පොසිල කොටස් සොයා ගෙන ඇත්තේ ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයෙනි.
වාසුකී ඉන්ඩිකස් මීටර් 11 සිට 15 දක්වා දිග සහ බරින් ටොන් එකක් පමණ වූ යෝධ සර්පයෙකි. මේ සර්පයා වාසුකී යනුවෙන් නම් කර ඇත්තේ හින්දු දේව පුරාණයට අනුවය. සුරයන් මෙන්ම අසුරයන් ද අමෘතය වෙනුවෙන් ක්ෂීර සාගරය කලබද්දී මතුවුණු හලාහල විෂ ශිව දෙවියන් පානය කළේ, විශ්වය ආරක්සා කර ගැනීමටය. එහිදී වාසුකී නාගරාජයා ශිව දෙවියන්ට උදවු කළේය. වාසුකී, ශිව දෙවියන්ගේ ගෙලෙහි පළඳනාවක් බවට පත් විය. කෙසේ නමුත් වාසුකී ඉන්ඩිකස් නාගයකු නොව, දැවැන්ත පිඹුරු විශේෂයකි.
The Hindu ඇසුරිනි

