හාවෝ මරන්න වයිරසයක්



නවසීලන්තයේ හාවන්ගේ ගහණය සීඝ්‍රයෙන් වැඩිවී ඇති හෙයින්, උන් පාලන කිරීමේ අරමුණ ඇතිව, උන් මරා දැමීමට වයිසරයක් මුදා හරින බව නවසීලන්ත බලධාරීහු පවසති.

නවසීලන්ත රජය මෙම තීරණය ගෙන ඇත්තේ එරට ගොවීන්ගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමිනි. නවසීලන්තයේ පිටිසරබද පළාත්වල වෙසෙන දුඹුරු හාවන් සැළකෙන්නේ පළිබෝධ ලෙසිනි.

හාවන් මරා දැමීමට යොදා ගැනෙන්නේ ආර්.එච්.ඩී.1 කේ 5 නමැති හාවන්ට පමණක් මාරක වයිරසයයි. වයිරසය හාවුන් අතර මුදා හැරීම ලබන මාර්තුවේ සිට සිදුවනු ඇතැයි ද පැවැසෙයි.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS