සයිබීරියාවේ යෝධ හිමබෝල
හිම කන්දක ගිය විට එහි තිබෙන හිම බෝල දැක්කාම ලොකු- පොඩි සැමට දැනෙන්නේ පුදුමාකාර සතුටකි. අතින් සාදා ගන්නා හිම මිනිසා තනමින් මේ කොයිකවුරුත් විවිධාකාරයෙන් සතුටුවන්නේ ජීවිතයේ කවදාවත් නොලැබිය හැකි අත්දැකීමක් ලෙස සතුටු වෙමිනි..
මේ දිනවල සයිබීරියවේ ඈත ප්රදේශයක ජනතාව මේදිනවල හිම බෝල වලින් සෙල්ලම් කරන්නේ කුඩා ළමුන් ලබනා විනෝදයක් හා සමාන වින්දනයකි.
අපි මේ කියන්නට යන්නේ සයිබීරියාවේ ගල්ෆ් වෙරළ තීරයක සිටන එරට ජනතාව සොබා දහමේ අපූරු නිමැවුමක් නිසා මෙලෙස විනෝද වන සිද්ධියකි. සයිබීරියාවේ නයිදා ගම්මානයේ මිනිසුන් වෙනදාටත් වඩා මෙලෙස සතුටුවන්නේ එහි මුහුදු වෙරළ තීරයේ සුදෝ සුදු පෙන කැටි සමග ගසා ගෙන ආ දස දහස් ගණන් හිම බෝල නිසාවෙනි.
මේ හිම බෝල වලින් මුළු වෙරළ තීරයම අලංකාරවත් වී ඇත්තේ නොසිතූ පරිදිනි. වෙරළේ සැතපුම් 11 ක ප්රමාණයක් මේ හිම බෝල වලින් වැසී තිබෙන අතර ඒවා ටෙනිස් බෝලයක ප්රමාණයේ සිට මිටරයක් පමණ විෂ්කම්භයකින් දක්වා වන හිම බෝල වේ.
නයිදා ගම්මානයේ පරිපාලකවරයෙකු වන වැලරි අකුලොව් සදහන් කරනුයේ මෙවැනි සිද්ධියක මෙම වෙරළ කිසිදාක දර්ශනය නොවූ බවය. මේ අපූරු සොබා නිමැයුම ගම්මානයේ කොයිකාටත් සිරියාව ගෙන දෙනු ඇති බවත් , එය සතියක් පුරා වෙරළේ රැදී පවතිනු ඇතැයි වැලරි තදින්ම විශ්වාස කරන බව කියා සිටියේය.
මෙලෙස වෙරළ තීරයේ හිමබෝල සෑදීම ආක්ටික් සාගරයේ පවතින කුඩා අයිස් කැබලි මෙසේ සුළගින් හා ජලයෙන් ගසා ඇවිත් විශාල හිම බෝල බවට පත්වීමේ දුර්ලභ පාරිසරික සංසිද්ධියක් බව ආක්ටික් හා ඇන්ටාක්ටික් සාගර පර්යේෂණ ආයතයේ ප්රකාශකයෙකු වන සර්ජි ලිසේන්කොව් කීය .
මෙවැනි ස්වභාව සංසිද්ධියක්ඉතිහාසයේ මතක ඇති කාලයකින් වාර්තා වී නොමැති බව පෙන්වා දෙන පරිසරවේදී හු කියා සිටින්නේ අවසන් වරට ලෝකයෙන් මෙවැනි දෙයක් වාර්තා වූයේ 2014 වසරේ ඇමෙරිකාවේ මිචිගන් විලෙන් බැව් කියා සිටිති.
( තිළිණි ද සිල්වා )
බී.බී.සී සහ ද සයිබීරියන් ටයිම්ස් ඇසුරෙනි.........