ලෝකය අද අඳුරු වේවිද?



පසුගිය අගෝස්තු 2 වැනිදා ලෝකය මිනිත්තු හයක් අඳුරේ ගිලී යනු ඇතැයි පසුගිය සති කීපය පුරා සමාජ මාධ්‍ය ඔස්සේ කසුකුසුවක් පැවැතිණි. ඒත් විද්‍යාඥයන්ට අනුව, විශේෂයෙන් තාරකා විද්‍යාඥයන්ට සහ ඇමෙරිකාවේ නාසා ආයතනයේ විද්‍යාඥයන්ට අනුව, අගෝස්තු 2 වැනිදා මුළු ලෝකයම අඳුරේ ගිලී යන්නේ නැත. සිදුවී ඇත්තේ වැරදි වැටහීමකි.

විද්‍යාඥයන් පැහැදිලි කරන්නේ, මෙම කසුකුසුවට හේතුව, දින සම්බන්ධයෙන් ඇතිවුණු වැරදි වැටහීමක් නිසා බවය. කටකතාවට අනුව, ලෝකය මිනිත්තු හයක් අඳුරේ ගිලී යන්නේ පූර්ණ සූර්යග්‍රහණයක් නිසාය. සූර්ය ග්‍රහණය මිනිත්තු 6 ක කාලයක් පවතී. විද්‍යාඥයන් පෙන්වා දෙන ආකාරයට සූර්ය ග්‍රහණය සිදුවන්නේ අද එනම් අගෝස්තු 2 වැනිදා නොව, 2027 වසරේ අගෝස්තු 2 වැනිදාය.

2027 අගෝස්තු 2 වන දින සිදුවන සූර්යග්‍රහණය ඇත්තෙන්ම වැදගත් එකක් වන අතර, එය 21 වන සියවසේ දීර්ඝතම පූර්ණ සූර්යග්‍රහණය ද වනු ඇත. එය මිනිත්තු හයක් සහ තත්පර 23 ක කාලයක් පවතිනු ඇත.

ස්තුතිය - නාසා ආයතනයට


RECOMMEND POSTS