ලෝකයේ වයස්ගතම පුද්ගලයාට දැන් අවුරැදු 145යි.
ජාවා දූපතේ ස්රාගෙන්හි ජීවත්වන ම්බාහ් ගෝතෝ ලෝක ඉතිහාසගත වයස්ගතම පුද්ගලයා වශයෙන් සැලකීමට සිදුවෙයි. මෙතෙක් ලෝකයේ ජීවත් වූ වයස්ගතම පුද්ගලයා ලෙසින් වාර්තාවල සඳහන් වූයේ ප්‍රංශ ජාතික ජීන් කැල්මන්ට නම් කාන්තාවයි. ඇය වසර 122ක් ජීවත් වූවාය. එහෙත් ඉන්දුනීසියාවෙන් ලැබෙන වාර්තාවලට අනුව ජාවා දූපතේ ජීවත්වන ම්බාහ් ගොතෝ ඉපදී ඇත්තේ 1870 වසරේ දෙසැම්බර් මස 31දාය. ඒ අනුව ඔහුගේ වයස මේ වනවිට අවුරැදු 145 ඉක්මවා ඇත.
තමන් ගොතෝගේ හැඳුනම්පත සහ අනෙකුත් සියලු වාර්තා පරීක්ෂා කළ බවත් ඒ අනුව ඔහු පවසන දේ සත්‍ය බවත් ප්‍රාෙද්ශීය මාධ්‍යෙව්දීන් ඇමතූ ස්රාගෙන්හි බලධාරිහු කියා සිටියහ.
මෑතකදී කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී ඔහු වාර්තාකරුවන්ට කියා සිටියේ දැන් තමාගේ එකම කැමැත්ත මිය යාම බවය. ඔහුගේ වයස හා වර්තමාන තත්වය ගැන සලකා බලන විට එම කැමැත්තතෙරැම්ගත හැකිය.
දැන් ඔහු පසුවන්නේ ශාරීරික වශයෙන් ඉතා දුබල තත්ත්වයකය.ඔශුට ආහාර කවන්නට සිදුව ඇත. නාවන්නට සිදුව ඇත. ඒ සියලු කටයුතු කරනු ලබන්නේ ඔහුගේ මුනුපුරන් විසිනි. ඔහුගේ අනෙක් සහෝදර සහෝදරියන් දස දෙනාම මිය ගොසිනි. එපමණක් නොව ඔහුගේ බිරියන් හතර දෙනාද මිය ගොසිනි. අන්තිම භාර්යාව මිය ගියේ 1988 වසරේදීය.