ලොව තරබාරුම කාන්තාව ඊජිප්තුවෙන්
ඊජිප්තුවේ ජිවත්වන කිලෝ ග්‍රෑම් 500ක් බරැති කාන්තාවක් ලෝකයේ සිටින තරබාරුම කාන්තාව වශයෙන් සැලකේ.
ඇලෙක්සෙන්ඩ්රියා නගරයේ ජිවත් වන ඇය නමින් ඉමාන් අහ්මද් අබ්දුලාතිය. වයස අවුරුදු 36කි. දැනට ටොන් බාගයක් බරැති ඇය වසර 25කින් නිවසින් එළියට ගොස් නැත. ඒ ඇයගේ ශරීරයේ අධික තරබාරු බව නිසාය. .ඇය නිවසේ ජිවත්වන්නේ සහෝදරිය වන චේමා සහ ඇගේ මව සමගය. ඔවුන් කුඩා අවදියේම පියා මිය ගොසිනි.
පවුලේ අය පවසන අන්දමට අබ්දුලානි රැක බලා ගැනිම සඳහා වැඩි කාලයක් වැය කිරිමට සිදුව ඇත. ඇයට කෑම කැවීමට අවශ්‍යය. පිරිසිදු කිරීමට අවශ්‍යය. ඇවිදිමට නොහැකි නිසා වැසිකිලි පහසුකම් සැපයිය යුතුය.
වයස අවුරුදු 11දී හදිසියේ හටගත් අසනීප තත්ත්වයකින් පසුව ඇයට ඇවිදීමට නොහැකි විය. එදා සිට ඇය ගේ ජිවිතය ඇඳට සිමාවී ඇත.
උපදින විටම අධික බරකින් යුක්තවූ ඇය ඉතා ඉක්මනින්නම වැඩෙන්නට වුවාය. වයස අවුරුදු 11ට පෙර කාලයේදී පවා ඇයට ඇවිදීම සඳහා මහත් වෙහෙසක් දරන්නට සිදුවිය.
ශරීරයේ ප්‍රමාණය නිසාම ඇයට පාසල් යාමටද නොහැකිවිය. වෛද්‍යවරුන් විශ්වාස කරන අන්දමට මේ තත්ත්වය ඇතිවී තිබෙන්නේ ඇයගේ ශරීරයේ අමතර ජලය විශාල ප්‍රමාණයක් රැඳී තිබෙන හෙයිනි.