මියන්මාරයෙන් දැවැන්ත පද්මරාගයක්

මියන්මාරයේ, ප්‍රසිද්ධ මෝගොක් මැණික් කලාපයෙන්, පසුගිය දා කැරට් 11,000ක දුර්ලභ පද්මරාගයක් එසේත් නැතිනම් රතු මැණිකක් (Ruby) සොයා ගැනීමට හැකිවුණු බව පැවැසෙයි.
කිලෝග්‍රෑම් 2.2ක් පමණ බර මෙම මැණික, මියන්මාර ඉතිහාසයේ සොයාගත් දෙවැනි විශාලතම රතු මැණික ද වෙයි. පද්මරාග සම්බන්ධයෙන් මියන්මාරය නමක් දිනාගෙන ඇත. ලෝක රතු මැණික් සැපයුමෙන් සියයට 90 ක් සිදුවන්නේ ද මියන්මාරයෙනි.
මනීෂි මංජරී
NDTV ඇසුරිනි

