මනසේ බලය: ප්ලේසීබෝ ආචරණය



විද්‍යා ලෝකයේ මෙන්ම වෛද්‍ය විද්‍යාවේ ද අතිශය පුදුමසහගත සහ කුතුහලයෙන් පිරි සංසිද්ධියක් ලෙස ‘ප්ලේසීබෝ ආචරණය’ (Placebo Effect) හැඳින්විය හැකිය. සරලවම පැවසුවහොත්, මෙහිදී සිදුවන්නේ කිසිදු බෙහෙතක් නැතිව, සිරුර මනසේ බලයෙන් සුවපත් කිරීමකි.

ඖෂධ දෙනවා යැයි රෝගියා රැවටීමට ලක් කරමින් සිදු කළ සායන පරීක්ෂණවලදී මනසේ බලයෙන් රෝග බොහොමයක් සුව වී ඇති බව වෛද්‍ය පර්යේෂණවල සඳහන් වෙයි. මෙම සංසිද්ධිය පිටුපස ඇති විද්‍යාත්මක පදනම විමසා බැලීමේදී පෙනී යන්නේ, මිනිස් මොළය සහ ශරීරය අතර ඇති දැඩි සන්නිවේදනය මෙයට මුල් වන බවය. යම් රෝගියකු තමන්ට ලැබුණේ සැබෑ ඖෂධයක් යැයි විශ්වාස කරන විට, මොළය මඟින් ‘ඩොපමින්’ (Dopamine) සහ ‘එන්ඩොර්ෆින්’ (Endorphins) වැනි රසායනික ද්‍රව්‍ය ශ්‍රාවය කිරීම උත්තේජනය කරයි.

එන්ඩොර්ෆින් යනු ශරීරයෙන් ස්වාභාවිකවම නිපදවන වේදනා නාශකයකි. මේ හේතුවෙන් රෝගියාට දැනෙන වේදනාව, ආතතිය හෝ වෙනත් අපහසුතා ක්ෂණිකව අඩු වී යයි. බටහිර වෛද්‍ය විද්‍යාවේ නව ඖෂධ සොයා ගැනීමේ සායනික පර්යේෂණවලදී ද මෙම ප්ලේසීබෝ ආචරණය බහුලව භාවිත කෙරේ.

ඩේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS