බිරියගේ මිනිය කරේ තබාගෙන ගිය ඉන්දියානුවාට බහරේන අගමැතිගෙන් තෑග්ගක්



ගිලන් රථයක් නොමැතිකම නිසා බිරියගේ මළසිරුර කර තබාගෙන කිලෝමීටර 10ක දුරක් ඇවිද ගිය ඉන්දිය ගැමියාට බහරේන අග්‍රාමාත්‍ය කලීෆා බින් සල්මන් අල් කලීෆා කුමරුගෙන් ඉන්දිය රුපියල් ලක්ෂ 8.9 ක චෙක්පතක් ලැබී ඇතැයි වාර්තා වේ. 

ගිලන් රථයක් නොමැතිවීම හේතුවෙන්  දියණියක් ද සමඟ කිලෝමීටර් 80 ක් දුරින් පිහිටි තම ගම්මානයට ඇවිද යමින් සිටි එම ඉන්දීය ගැමියා පිළිබඳව පසුගිය මාසයේදී ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබුණි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එම සිදුවීම සම්බන්ධයෙන් වාර්තාවක් ද කැඳවා තිබුණි. එම ගැමියාගේ නම දානා මජ්හිය. 

මෙම සිදුවීම ලොව පුරා ප්‍රචාරය වූ අතර දනා මජ්හිට උපකාර කිරීමට බොහෝ පිරිසක් ඉදිරිපත් වූහ. ඒ අතර බහරේන අගමැතිවරයා ද විය. එම පොරොන්දුව ඉටු කරමින් මෙලෙස චෙක්පතක් එවා ඇත. 

බහරේන අග්‍රාමාත්‍යවරයාට අමතරව තවත් පිරිස් ද මජ්හිට උපකාර කර ඇතැයි ද ඉන්දීය වාර්තා කරයි. මෙලෙස ලද ආධාර මුදල් සිය දියණියන් තිදෙනාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙන් කිරීමට මජි තීරණය කර ඇතැයි ඉන්දිය පුවත් සේවා වාර්තා කළේය. 

කෙසේ වෙතත් මජ්හි ජීවත්වන මාර්ග පද්ධතියක් හා පාසල් පද්ධතියක් නොමැති අතර දැන් මුදල් තිබුණද දියණියන්ට අධ්‍යාපනය දීම ද මජ්හිට අභියෝගයක් වනු ඇතැයි පැවසේ. දියණියන් තිදෙන ළඟම පාසල ඇත්තේ ද ඔරිස්සා ප්‍රාන්තයේ අගනුවර වන බුබනේස්වර්හිය. එම පාසල ගම්මානයේ සිට පැය දහතුනක දුරින් පිහිටා තිබේ. 

මජ්හිගේ බිරිය මියගියේ ක්ෂය රෝගය හේතුවෙනි. ඇය අසාධ්‍යව ඔරිම්ස්සා ප්‍රාන්තයේ භවනිපට්න නුවර රජයේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිද්දී එසේ මියගියාය.

මළසිරුරු ඔවුන්ගේ නිවස පිහිටි  ගම්මානයට ගෙන යෑමට ගිලන් රථයක් දීම රෝහල් බලධාරීහු ප්‍රතික්ෂේප කළහ. දිළිඳු ගැමියකු වුණු මජ්හිට කුළී රියක් සඳහා මුදල් නොතිබුණි.

එහෙයින් මළසිරුර පොරෝණයකින් ඔතා එය කර තියා ගෙන මෙම දියණියක චෞලා ද සමඟ ඇවිද යන්න විය. කිලෝ මීටර් 10 ක් පමණ දුර යද්දී, ඒ ගැන වාර්තා වුණු ප්‍රාන්ත රූපවාහිනී නාළිකාවක මාධ්‍යවේදීන් කණ්ඩායමක් එම සිද්ධිය වාර්තා කළා පමණක් නොව, ඔවුන්ගේ වියදමින් ගිලන් රථයක් ලබා දීමට ද කටයුතු කළේය.

 


RECOMMEND POSTS