පුතා හපනෙක් නොවේ කියා ජපනා පුතාට පිහියෙන් ඇනලා



පාසලට ඇතුළත්වීම සඳහා පැවැත්වුණු විභාගයෙන් අසමත් වීම නිසා කෝපයට පත් ජපන් ජාතිකයකු සිය 12 හැවිරිදි පුත්‍රයාට පිහියෙන් ඇන ඇතැයි ජපානයෙන් වාර්තා වෙයි.

කෙන්ගෝ සටාකේ නම් වූ මෙම 48 හැවිරිදි ජපන් ජාතිකයා ඉගෙනීමට උනන්දුවක් නොදැක්වීයැයි සිය පුත්‍රයා සමග බහින්බස්වී ඇත.

ජපන් දරුවන්ට හොඳ පාසලක් ලබාගැනීම සඳහා දැන් තියුණු තරගයකට මුහුණ දීමට සිදුව ඇත. එනිසා මෙම දරුවාද නගෝයා නගරයේ පිහිටි ජනප්‍රිය පෞද්ගලික පාසලකට ඇතුළත්වීම සඳහා විභාගයට පෙනී සිට ඇත. ඔහු එයින් අසමත් විය.

පියාගේ පිහි පහරවලට ලක්වූ 12 හැවිරිදි රියෝටා නමැති දරුවා රෝහලට ඇතුළත් කළත් අධික ලෙස රුධිරය වහනයවීම නිසා මරණයට පත්වී ඇත.

මෙය අත් වැරැද්කින් සිදුවී යයි කෙන්ගෝ සටාකේ පොලීසියට පවසා ඇත.


RECOMMEND POSTS