නිදාගෙන පියාඹන කුරුල්ලා



ඇල්බට්‍රොස් Albatrosses යනු ලෝකයේ විශාලතම පියාපත් ඇති මුහුදු කුරුලු විශේෂය. මේ යෝධ කුරුල්ලා ජීවිතයේ වැඩි කාලයක් ගත කරන්නේ සාගරයට ඉහළින් පියාසර කරමිනි. ඇල්බට්‍රොස්ගේ විශේෂත්වය වසර ගණනාවක් එක දිගට ගොඩබිමට නොපැමිණ සිටීමේ හැකියාවය. ඇල්බට්‍රොස් ට අඩි 11ක් පමණ දිගට පියාපත් විහිදුවීමට හැකිය.

පුදුමය නම්, ඇල්බට්‍රොස් කුරුල්ලන්ට, පියාසර කරන ගමන්ම නිදාගන්න පුළුවනි. ඒ සඳහා ඔවුන් Dynamic Soaring නමැති ක්‍රමය භාවිතයට ගන්නා බව විද්‍යාඥයන්ගේ අදහස. Dynamic Soaring යනු සුළං ධාරා උපයෝගී කරගෙන, කිසිම ශක්තියක් වැය නොකර, ඉහළට සහ පහළට පා වෙමින් ගමන් කිරීමේ හැකියාවය. Dynamic Soaring ක්‍රමය භාවිතයට ගනිමින්, ඇල්බට්‍රොස් කුරුල්ලන්ට ආයාසයකින් තොරව, සුළං ධාරා මතින් ලිස්සා යයි. ඇස් පියවී තිබුණත්, ඔවුන්ගේ ගමන නොනවත්වාම ඉදිරියට යෑම සිදුවෙයි. මෙය සොබාදහම ඇල්බට්‍රොස්ට දුන් පුදුමාකාර හැකියාවකි. ඇල්බට්‍රොස් කුරුල්ලන් අවුරුදු 50 ක් හෝ ඊට වැඩි කාලයක් ජීවත් වන බව ද පැවැසෙයි.

ලුසිත ජයමාන්න‍
The Brain Maze ඇසුරිනි

RECOMMEND POSTS