ට්‍රම්ප් පරිපාලනය පිටසක්වළ රහස් හංගනවා



පිටසක්වළ ජීවීන් සහ පියාඹන පීරිසි සම්බන්ධයෙන් ඇමෙරිකන් රජය සතු අතිශය රහස් වාර්තා, වීඩියෝ දසුන් ආදිය ප්‍රසිද්ධියට පත් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.

ඒත් ප්‍රසිද්ධියට පත් කළ ඒ වාර්තා සහ වීඩියෝවල ඇති රහස්වලට වඩා ඉතා වැදගත් රහස් රැසක් ඇමෙරිකන් රජය ඇමෙරිකන් වැසියන්ටත් ලෝකයටත් වසං කරන බව ආචාර්ය ස්ටීවන් ග්‍රියර් පවසයි. පිටසක්වළ ජීවීන් සහ පියාඹන පීරිසි සම්බන්ධයෙන් රහස් ලොව හෙළි කිරීමට උත්සාහ ගන්නා විද්වතකු ලෙස ආචාර්ය ස්ටීවන් ග්‍රියර් ප්‍රසිද්ධියට පත් වී සිටී.

පිටසක්වළයන් සැබෑවක් බවත්, පිටසක්වළයන් ගැන ඒ තොරතුරු එක පාරට ප්‍රසිද්ධියට පත් කිරීමට ඇමෙරිකන් රජය අදිමදි කරන්නේ, ජනතාව කලබලයට පත් වීම වැලැක්වීමට බවත් ආචාර්ය ස්ටීවන් ග්‍රියර් පැහැදිලි කරයි. තමන් විශ්වාස කරන්නේ, ට්‍රම්ප් පරිපාලනය කළ යුත්තේ, සැඟවා ගත් ඒ තොරතුරු සහ වීඩියෝ දසුන් හැකි ඉක්මනින් ජනතාවට ලබා දීම යැයි ස්ටීවන් ග්‍රියර් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.


RECOMMEND POSTS