ගූගල් විව් ඔටුවා පිටේ
ගූගල් විව් ඔටුවා පිටේ
ගූගල් සමාගම චන්ද්රිකා තාක්ෂණය ද උපයෝගී කර ගනිමින් ‘ගූගල් අර්ත්’ සිතියම් පද්ධතිය නිර්මාණය කර ඇත්තේ, ලොව කාට කාටත් ඔවුන් පදිංචි ස්ථානය, වීදිය, නගරය ආදී දැක බලා ගැනීමටය.
ගූගල් අර්ත් උත්සහ ගන්නේ මුළු ලොවේම සෑම අස්සක් මුල්ලක්ම ඔවුන්ගේ සිතියම් ජාලයට ඇතුළත් කිරීමටයි. අරාබි කාන්තාරය මෙසේ සිතියම් ගත කිරීමේ දී, ගූගල් කැමරාව රැගෙන යෑමට ගූගල් රථ භාවිතා කිරීම ගැටලුවක් විය.
එහෙයින් ගූගල් කැමරාව රැගෙන උණුසුම් වැලි පිරුණු අරාබි කාන්තාරයේ ඇවිදිනු ලැබුවේ ‘කාන්තාරයේ නැව’ යන විරුදාවලිය ලැබූ ඔටුවන් විසිනි. අරාබි එමීර් රාජ්ය බලධාරීන් පැවැසුවේ මහ දැවැන්ත කෝටිපති ගූගල් සමාගමට ඔවුන්ගේ ‘ටේරකර්’ කැමරා කාන්තාරය පුරා සැරි සැරීමට ඔටුවන් යොදා ගැනීමට සිදුවුණු බවය.