උඩු ගුවනේ බහින්බස් වෙලා: අන්තිමේදී පොලියේ

ෆ්ලයිනස් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් සෞදි අරාබියේ කිංග් අබ්දුල්ලා-අසිස් අන්තර්ජාතික ගුවන් තොටුපලෙන් ගුවන් ගතවී කයිරේ නුවර බලා පියාසර කිරීම ආරම්භ කරන ලදී.
ගුවන් යානය ගුවන් ගතවී ටික වේලාවකට පසු ගුවන් මගියෙකු සහ ගුවන් සේවිකාවක අතර වචන හුවමාරුවක් සිදු අතර තත්ත්වය දරුණු අතරට හැරෙන්නට විය.
ප්රධාන ගුවන් නියමුවා කයිරෝ නුවර පිහිටි ප්රධාන පාලන ඹධ්යස්ථානය අමතා සිද්ධිය සම්බන්ධයෙන් දැණුම් දුන් අතර සිදුවෙමින් පවතින තත්ත්වය පාලනය කිරීම සදහා ගුවන්යානය ගොඩබස්සවන අවස්ථාවට පොලීසිය කැඳවන ලෙස ඉල්ලා සිටියේය.
ගුවන් මගියා ගුවන් සේවිකාවගෙන් සමාව ගත් අතර ඔහු මානසික රෝගයකින් පෙළෙන බව පසුව තහවුරු විය.
ජානක ප්රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

