ඉන්දීය ගැමියෙක් බිරියගේ මිනිය කරේ තියාගෙන ගිහිල්ලා



 
 
ගිලන් රථයක් නොමැතිකම නිසා බිරියගේ මළසිරුර කර තියාගෙන, 12 හැවිරිදි දියණිය ද සමඟ කිලෝ මීටර් 60 ක් දුරින් පිහිටි තම ගම්මානයට ඇවිදීමට උත්සාහ කළ ඉන්දීය ගැමියකු ගැන සංවේදී පුවතක් ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.
මජ්හායි නමැති මෙම ගැමියාගේ බිරිය දානා මියගොස් ඇත්තේ ක්ෂය රෝගය හේතුවෙනි. ඒ, ඇය අසාධ්‍යව ඔරිම්ස්සා ප්‍රාන්තයේ භවනිපට්න නුවර රජයේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිද්දීය.
දානා මිය යෑමෙන් පසු, මළසිරුරු ඔවුන්ගේ නිවස පිහිටි  ගම්මානයට ගෙන යෑමට ගිලන් රථයක් ලබා දීම රෝහල් බලධාරීහු ප්‍රතික්ෂේප කළහ. දිළිඳු ගැමියකු වුණු මජ්හායිට කුළී රියක් සඳහා මුදල් නොතිබුණි.
එහෙයින් මළසිරුර පොරෝණයකින් ඔතා එය කර තියා ගෙන මෙම ගැමියා දියණිය චෞලා ද සමඟ ඇවිද යන්න විය. කිලෝ මීටර් 10 ක් පමණ දුර යද්දී, ඒ ගැන වාර්තා වුණු ප්‍රාන්ත රූපවාහිනී නාළිකාවක මාධ්‍යවේදීන් කණ්ඩායමක් එම සිද්ධිය වාර්තා කළා පමණක් නොව, ඔවුන්ගේ වියදමින් ගිලන් රථයක් ලබා දීමට ද කටයුතු කළේය.
මේ ගැන වාර්තා වීමත් සමඟ ප්‍රාන්ත බලධාරීන් පවසා ඇත්තේ අවමංගල්‍ය කටයුතු සියල්ල සඳහා අවශ්‍ය පහසුකම් සහ මුදල් ලබා දෙන බවය.

RECOMMEND POSTS