ඉන්දීය ඇමැති දියණියගේ මඟුලට වියදම පවුම් මිලියන 59 ක්



 

 

(ඬේලිමේල් ඇසුරිනි)
ඉන්දියාවේ හිටපු අමාත්‍ය ජනර්ධන රෙඩිගේ දියණියගේ මංගල උත්සවය අති උත්කර්ෂවත් අන්දමින්, දින පහක් තිස්සේ පසුගිය දා පැවැත්වුණු අතර, මංගල උත්සවයට වැයවී ඇති මුදල පවුම් මිලියන 59 ක්  යැයි ඉන්දීය මාධ්‍ය උපුටා දක්වමින් බ්‍රිතාන්‍යයේ ‘මේල් ඔන්ලයින්’ වෙබ් අඩවිය වාර්තා කරයි.
හිටපු අමාත්‍ය ජනර්ධන රෙඩි අද වනවිට ඉන්දියාවේ සිටින කෝටිපති ව්‍යාපාරිකයෙකි. ඔහු පතල් කිහිපයක හිමිකරුවෙකු යැයි පැවැසෙයි. 
හින්දු චාරිත්‍රානුකූලව, සම්ප්‍රදායට ගරු කරමින් මංගල උත්සවය පැවැත්වූයේ දකුණු ඉන්දියාවේ ‘බැංගලෝර් පැලස්’ මාලිගයේය. 50,000 කට වැඩි පිරිසකට මංගල උත්සවයට ආරාධනා ලැබී තිබුණි. 
නැටුම් ගැයුම් වෙනුවෙන් දැවැන්ත වේදිකාවක් නිර්මාණය කර තිබුණු අතර, වේදිකාව නිර්මාණය කළේ බොලිවුඩයේ ප්‍රසිද්ධ අධ්‍යක්ෂවරුන්ගේ උපදෙස් අනුව යැයි ද පැවැසෙයි. බ්‍රසීලයෙන් පවා විශේෂ නර්තන කණ්ඩායම් කිහිපයක් ගෙන්වීමට ද ජනර්ධන රෙඩිගේ කටයුතු කර තිබුණි.
ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවල දිළිඳු වැසියන් කුසට අහරක් නොමැතිව සිටිද්දී, මේ අයුරින් දින පහක් තිස්සේ රජ මඟුලක් පැවැත්වීම ගැන ජනර්ධන රෙඩිට දෝෂාරෝපණ එල්ල වී ඇතැයි ද වාර්තා වේ.

RECOMMEND POSTS