අහසේ පාය මැන්න සෙයනෝමීටරය

අතීතයේ, අහසේ නිල් පැහැය මැනීම සිදු කළේ අපූරු මෙවලමකිනි. මෙය ඉතාම සරල වුවත්, විද්‍යාත්මක වශයෙන් වැදගත් එකක් විය. සෙයනෝමීටරය (Cyanometer) යනුවෙන් මෙය හැඳින්වෙයි. 1789 දී ස්විට්සර්ලන්ත ජාතික විද්‍යාඥයකු වූ හොරේස්-බෙනඩික්ට් ද සොසුර් විනිස් පළමු වරට නිර්මාණට කරනු ලැබුණි.
මෙය සුදු පැහැයේ සිට තද නිල් සහ කළු පැහැය දක්වා විහිදී ගිය වර්ණ ඡායා (shades) 53 කින් සමන්විත වෘත්තාකාර පරිමාණයකින් (circular scale) යුක්තය. නිරීක්ෂකයන් හට අහසේ පවතින සැබෑ වර්ණය මෙහි ඇති වර්ණ සෙවනැලි සමඟ සංසන්දනය කර ගැලපීම මගින් අහසේ නිල් පැහැයේ ප්‍රමාණය නිවැරදිව තීරණය විය.
අතීතයේ අහසේ නිල් පැහැය මැනීම හරහා වායුගෝලයේ පවතින තෙතමනය සහ පා පාවෙන අංශු (suspended particles) සාන්ද්‍රණය පිළිබඳ යම් නිගමනයකට එළඹීමට විද්‍යාඥයන්ට හැකි විය. එම නිසා, කාලගුණය සහ වාතයේ ගුණාත්මකභාවය පිළිබඳ මුල් කාලීන විද්‍යාත්මක අධ්‍යයනයන් සඳහා භාවිත කළ සුවිශේෂී ප්‍රමුඛ පෙළේ මෙවලමක් ලෙස සෙයනෝමීටරය ඉතිහාසයට එක් වී අවසන්ය.

