අයි.එස්. ත්‍රස්තයන්ගේ බෙලි කපන ඉරාක අත්තම්මා




අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන්ගේ කුරිරුකම්වලට එරෙහිව නැගී සිටි 39 හැවිරිදි ඉරාක අත්තම්මා කෙනකු ගැන විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
යවහීඞ් මොහොමඞ් අල් ජුමයිලි නමැති මෙම කාන්තාව, මිත්තණියකි. ඇගේ පවුලේ සැවොම අයි.එස්.අයි.එස්. ත්‍රස්තයන් අතින් ඝාතනයට ලක් වී ඇත. ඇගේ දෙවැනි සැමියා ත්‍රස්තයන් අතින් මියගොස් ඇත්තේ මේ වසර මුලදීය.
ජුමයිලි කියා සිටින්නේ තමා අල්ලා ගත් අයි.එස්. ත්‍රස්තයන්ගේ හිස් ගසා දමා උයන බවත්, සිරුරු ගිනිබත් කරන බවත්ය.


මැය ඉරාකයේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් සමඟ සටන් වදින්නේ එම ත්‍රස්තවාදීන් ලොවට තර්ජනයක් වීමටත් පෙර එනම් 2004 වසරේ සිටය. මැයගේ පියා, සහ සොහොයුරන් සිවු දෙනා ද ත්‍රස්තයන් අතින් ඝාතනයට ලක් වී ඇත.
අයි.එස්.අයි.එස්. ත්‍රස්තයන් ද ජුමයිලි මරා දැමීමට සිවු වතාවක් උත්සහ ගෙන ඇති නමුත් එම උත්සාහයන් අසාර්ථක වුණැයි ද පැවැසෙයි. මරා දමන ලද ත්‍රස්තයන් සමඟ ඡායාරූපවලට පෙනී සිටිමින්, එම ඡායාරූප ෆේස්බුක් හරහා පළ කිරීමට ද ජුමයිලි කටයුතු කර ඇත. ඇය මේ වනවිට අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයට එරෙහිව සටන් වදින සටන්කාමී කල්ලියකට නායකත්වය දෙයි. එම කල්ලියට සටන්කාමීන් 70 දෙනකු පමණ ඇතුළත් වන බව ද පැවැසෙයි.


RECOMMEND POSTS