අනියම් පෙමට දුන් දඩුවම



සිය සැමියාගේ අනියම් සම්බන්ධතාවය හෙළිවීමෙන් පසු අපූරු දඬුවමක් දුන් බිරිඳක් පිළිබඳ පුවතක් ඇමෙරිකාවේ නිව්යෝක් නගරයෙන් පසුගියදා වාර්තා වූවේය.

සැමියා වසර දෙකක කාලයක් තවත් කාන්තාවක් සමග අනියම් සබඳතාවක් පවත්වා ඇති අතර එය හෙළිවීමෙන් පසුව දඬුවමක් ලෙස බිරිඳ "මම වසර දෙකක් අනියම් සබඳතාවක් පැවැත්වුවා. මගෙන් අහන්න ඒ කොහොමද කියලා" ලෙස සටහන් කළ විශාල පුවරුවක් සැමියාගේ බෙල්ලේ එල්ලා නිව්යෝක් නුවර වෝල්ට් වයිට්මෑන් වෙළඳ සංකීර්ණයේ ප්‍රසිද්ධියේ ඇවිද්දවා ඇත. ඇවිදින විට බිරිඳ ඔහු ඉස්සරහින් මේ මිනිහා වසර දෙකක් අනියම් සබඳතාවයක් පවත්වලා යැයි කෑගසමින් ගමන් කර තිබිණි.

එම කාන්තාවට අනියම් සබඳතාව පැවැත්වූ පිරිමි පුද්ගලයට දාව එක් දරුවකු සිටින බවත් දෙවැනි දරුවා බඩ දරාගෙන සිට ඇති බවත් පැවැසෙයි. කුඩා දරුවාද සමග ඇය සුපිරි වෙළඳසැලට පැමිණ ඇති අතර මේ වනවිට මෙම වීඩියෝව මිලියන 5 කට අධික පිරිසක් නරඹා තිබිණි. එහිදී ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයන් දඬුවම සම්බන්ධයෙන් විවේචන එල්ල කර ඇති අතර අනියම් සබඳතාව පැවැත්වූ පුද්ගලයා අත් නොහැර මෙවැනි දඬුවමක් ලබාදී ඇත්තේ කුමන හේතුවක් නිසාවෙන්දැයි ප්‍රශ්න කර ඇත.


RECOMMEND POSTS