අධික උණුසුම ඔටුවෝ මරලා

අධික උණුසුම සහ වියලි කර්කශ කාලගුණයට ඔරොත්තු දෙන, දරාගැනීමේ හැකියාව උපරිමයෙන්ම ඇති සතා ඔටුවාය. ඒත් මේ වනවිට, එල් නීනෝ කාලගුණ විපර්යාස හේතුවෙන්, ඉහළ යන දැඩි උණුසුම හේතුවෙන්, ඔටුවන්ට පවාඔවුන්ගේ එම දරා ගැනීමේ උපරීම සීමාව ඉක්මවා ගොස් ඇත.
හෝර්න් ඔෆ් ඇෆ්රිකා (Horn of Africa) යනු නැගෙනහිර අප්‍රිකානු මහද්වීපයේ අරාබි මුහුද සහ ඒඩන් බොක්ක (Gulf of Aden) දෙසට නෙරුමක් ලෙස ඇති භූමි ප්‍රදේශයයි. මෙය ඇති උපායමාර්ගිකව අතිශය වැදගත් භූගෝලීය කලාපයකි. උතුරු අප්‍රිකාවේත්, මෙම හෝර්න් ඔෆ් ඇෆ්රිකා ප්‍රදේශයේත් උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 පසු කර ඇත. අධික උෂ්ණත්වය, දැඩි නියං කාලගුණය සතුන්ට විශාල ලෙස බලපා ඇති අතර, උන් විජලනයට සහ විවිධ රෝගාබාධවලට ලක් වන බව පැවැසෙයි.
දිනෙන් දින උග්‍ර වන මෙම තත්ත්වය හමුවේ, අතීතයේ සිටම දැඩි වියළි කාන්තාර පරිසරයට සාර්ථකව හැඩගැසී සිටි ඔටුවන්ට පවා ස්වාභාවිකව දරාගත හැකි සීමා ඉක්මවා යාම නිසා ජීවත්වීම අභියෝගයක් වී ඔටුවන් මියයෑම ආරම්භ වී ඇතැයි පැවැසෙයි.

