හොරට කතුන් රට යැවූ කතක් අත් අඩංගුවට



 

                                    විනීතා එම් ගමගේ

සංචාරක වීසා මත මැලේසියාවේ රැකියාවලට ශ්‍රී ලාංකිකයන් යැවූ කාන්තාවක් කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකය මඟින් අත් අඩංගුවට ගනු ලැබීය.

මෙහි ප්‍රධාන සැකකාරිය ඇල්පිටිය ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසේ දී අත්අඩංගුවට ගන්නා ලද බවත් ඇයට ව්‍යාජ සංචාරක වීසා සකස් කර දෙමින් සහය දුන් හෝමාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුද ඇයගෙන් ලද තොරතුරු මත අත්අඩංගුවට ලන්නා ලද බවත් කාර්යංශයේ නිලධාරියෙක් මැද පෙරදිග ලංකාදීප වෙබ් අඩවියට පැවැසීය.

මෙම සැකකාරිය විසින් එක් අයෙකුගෙන් රුපියල් ලක්‍ෂ දෙක බැගින් පුද්ගලයින් 15 දෙනෙකුගෙන් මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. ඇය විසින් මීට පෙර මැලෙසියාවේ රැකියා සඳහා යොමුකරන ලද පුද්ගලයින්ට එරටට ඇතුල්වීමට නොදී එරට පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන සිරගත කර ඇති බවටද වැඩිදුර විමර්ශනවලදී අනාවරණය විය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ප්‍රධාන සැකකාරිය සතුව තිබූ අන් සතු ගමන් බලපත්‍ර රාශියක් හා වෙනත් ලිපිලේඛනද විමර්ශන නිළධාරීන් භාරයට ගෙන තිබේ. 

අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළේල කිසිඳු පුද්ගලයෙකුට සංචාරක වීසා මත රැකියා සඳහා විදේශ ගත විය නොහැකි බවයි. එසේ කරන පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.


RECOMMEND POSTS