හමුවුණු සිරුර අතුරුදන් තරුණයාගේ



කොරියාවේ රැකියාවක නියුතුව සිටියදී ඉකුත් 16 වැනිදා සිට අතුරුදන්ව සිටි  ශ්‍රී ලාංකික තරුණයාගේ සිරුර ‍ඔහු සේවය කරමින් සිටි තේගු නගරයේ ගඟක තිබී සොයාගෙන ඇතැයි වාර්තා වේ.

එම සිරුර අතුරුදන්ව සිටි ශ‍ෂේන් තාරක ජයසේකර නම් තරුණයාගේ බවට හඳුනාගෙන ඇතැයි එරට තානාපති ආරංචිමාර්ග සඳහන් කරයි.

ගාල්ල බද්දේගම පදිංචිව සිටි මෙම ලාංකික තරුණයා 2014 වර්ෂයේදී කොරියානු භාෂා ප්‍රවීනතා විභාගය සමත්ව කොරියාවේ රැකියාව සදහා විදේශ ගත වී ඇති අතර සියොල් නුවර සිට කිලෝ මීටර් 400 ක් පමණ ඈතින් පිහිටි තේගු නගරයේ මොහු සේවය කර ඇත.

ඩයනා උදයංගනී


RECOMMEND POSTS