සෞදියේදී වසර 10ක් වැටුප් නොලැබූ කත යළි දිවයිනට ගෙන්වා ගනී
(ඩයනා උදයංගනී)
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේලියාපදිංචි වී ගෘහ සේවිකාවක ලෙස සෞදි අරාබියේ රැකියාවකට ගොස් වසර 10ක් තිස්සේ වැටුප් නොලබා සේවය කළ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මහෙයවීමෙන් පසුගියදා (1) යළි මෙරටට ගෙන්වාගෙන තිබේ.
බෙලිඅත්ත, ගැටමාන පාර, මැදහේන, අංක 45/7 ලිපිනයේ පදිංචි නන්දා මනම්පේරි නම් කාන්තාව 2006 වසරේ අගෝස්තු මස 25 වැනි දින සෞදි අරාබියට ගොස් ඇති අතර එදින සිට ඇයට රැකියා ස්ථානයෙන් වැටුප් ලබාදී නැත.
එමෙන්ම දුරකථනයෙන් හෝ ලිපි මාර්යෙන් තම පවුලේ ඥාතීන් සමග කිසිඳු සම්බන්ධතාවයක් පැවැත්වීමටද ඇයට අවස්ථාව දී නැතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
තම මවගෙන් කිසිදු තොරතුරක් නොමැති බවට ඇගේ පුතු විසින් 2011 වසරේ කාර්යාංශයට පැමිණිලි කර ඇති අතර එදින සිටම සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ඇයගේ සේවා ස්ථානය පිළිබද සොයා බැලීමක් සිදුකළ ද කිසිදු තොරතුරක් වාර්තා වී නැත.
ඇයගේ පුත්‍රයා මීට මාස දෙකකට පමණ පෙර ද විදේශ රැකියා අමාත්‍යාංශයට පැමිණ මේ පිළිබද පැමිණිලි කර ඇති අතර ඒ සම්බන්ධව ඉක්මන් කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය සෞදි තානාපති කාර්යාලයට උපදෙස් ලබා දී තිබී ඇත.
මේ අතර ඇය සේවය කළ නිවසේ හාම්පුතා විසින් මෙම කාන්තාවගේ රැුකියා බලපත්‍රය අලූත් කරගැනීමට සෞදි තානාපති කාර්යාලයට පැමිණි අවස්ථාවේ අනාවරණය වී ඇත්තේ වසර 10ක් තිස්සේ කිසිඳු වැටුපක් නොදී ඇය එම නිවසේ බලෙන් රඳවාගෙන සිට ඇති බවයි.
ඒ අනුව සෞදි තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත එම කාන්තාව සෞදි තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවාසයේ රඳවාගෙන ඇති අතර, වසර 10ට ඇයට හිමිවිය යුතු වැටුප වූ සෞදි රියාල් 54000ක් (රුපියල් විසි එක් ලක්ෂ හත්දහස් නවසිය පනස් එකක්) ඇය රැකියා කළ හාම්පුතාගෙන් ලබාගැනීමට හැකි වූ බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
මාස 2ක කාලයක් සුරක්ෂා නිවාසයේ රැුඳී සිටි නන්දා මනම්පේරි මහත්මිය පසුගියදා (01) ශ්‍රී ලංකාවට පැමිණි අතර, ඇයට හිමි චෙක්පත අමාත්‍යවරිය විසින් ඉකුත් බදාදා (02) ඇයට ලබාදුන් බව ද එම කාර්යාංශය ස`දහන් කරයි.
එම කාන්තාවට දරුවන් වසර 10ට පසු මුණගැසුණේද එම අවස්ථාවේදීය.
මීට අමතරව කාර්යාංශයේ රැකියා කර මීට වසර 13ට පෙර දේශපාලනික පළිගැනීම මත සිය තනතුරු අහිමි කළ කාර්යාංශයේ නිලධාරීන් හය දෙනෙකු නැවත සේවයේ පිහිට වූ අතර, ඔවුන්ගේ පත්වීම් ලිප ලබාදීම ද මෙහිදී සිදුවිය.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ආර්.කේ ඔබේසේකර, කි‍්‍රයාකාරී අධ්යක්ෂ නීතීඥ උපුල් දේශපි‍්‍රය යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.