සෞදියේ බලෙන් රඳවන් සිටි ගෘහ සේවිකාව ගෙන්වා ගැනෙයි



සෞදි අරාබියේ ගෘහ සේවිකාවක ලෙස සේවය කරමින් සිටිය දී බලහත්කාරයෙන් එම නිවසේ රදවාගෙන සිටි කාන්තාවක විදේශ රුකියා නියෝජ්ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ මැදිහත්වීමෙන් ලංකාවට ගෙන්වා ගෙන තිබේ.

උඩුගම දේවගිරි වත්තේ පදිංචි අංගමුත්තු මුන්නිඅම්මා නැමැති මෙම කාන්තාවට වැටුප් නොගෙවා බලහත්කාරයෙන් රදවාගෙන සේවය ගෙන ඇත. ලංකාවට පැමිණිමෙන් අනතුරුව මෙම කාන්තාව සහ ඇගේ පවුලේ සියලු දෙනා 29 උදෑසන මනුෂ නානායක්කාර නියෝජ්‍ය ඇමතිවරයා හමුවී කෘතඥතාවය පළ කළාය.

එහිදී තමාට සිදුවු පිඩාව පිළිබදව අදහස් දක්වමින් අංගමුත්තු මුන්නි අම්මා මෙසේ සදහන් කළාය.

මම සෞදි අරාබියේ ගෘහ සේවයට ගියේ අවුරුදු 2කට, නමුත් මාව අවුරුදු 2යි මාස 3ක් ඒ රටේ තියාගෙන හිටියා. මම ගෙදර එන්න හැදුවාම මට ගෙදර එන්න දුන්නේ නැහැ. ලංකාවට එන්න හදන කොට මගෙන් තව තවත් වැඩ ගත්තා, කොච්චර වැඩ කළත් මට අල්ලන් ගැහුවා.

අඩුගානේ ගෙදරට දුරකථන ඇමතුමක් ගන්න හැදුවත් මට අවස්ථාවක් දුන්නේ නැහැ. එහෙම ඇමතුමක් ගත්තා නම් මට තවත් ගුටි කන්න වෙනවා. ඒ ගෙදර වැඩ තිබුණේ නැත්නම් ඒ ගොල්ලන්ගේ යාළුවන්ගේ ගෙවල් වල හරි වැඩ කරන්න මාව දානවා ගමට ලංකාවට එන්න විදිහක් නැතිව හරි අමාරුවෙන් හිටියේ. ඒ වේලාවේ තමයි මගේ මහත්තයා මනුෂ නානායක්කාර ඇමතිතුමා හම්බ වෙලා මම ගැන විස්තර කියලා මාව ලංකාවට ගෙන්න ගත්තේ. ඇමතිතුමා මැදිහත් වෙලා මට මාස 4ක පඩි සල්ලිත් අරන් දුන්නා. තව මාස 6ක පඩි සල්ලි ගන්න අවශ්‍ය වැඩ කටයුතුත් ඇමතිතුමා හදලා තියෙන්නේ.

විනීතා එම්. ගමගේ

 


RECOMMEND POSTS