සාමකාමීව විරෝධතාවල නිරත වන්න



විරෝධතාවලට යන්නේ නම් සාමකාමීව විරෝධතාවල නිරත වන්නැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ප්‍රචණ්ඩත්වය කිසිදු විටක පිළිතුර නොවන බව ද ඇය සිය ට්විටර් පණිවුඩය මඟින් සඳහන් කරයි.

විරෝධතාකරුවන්ට සාමකාමීව විරෝධතාවල නිරත වීම සඳහා අවශ්‍ය අවකාශය සහ ආරක්ෂාව ලබාදෙන්නැයි ද තානාපතිවරිය පොලිසියට සහ ආරක්ෂක අංශවලට සිය ට්විටර් පණිවුඩය මඟින් සිහිපත් කර ඇත.

ව්‍යාකූලත්වයෙන් සහ බලය භාවිත කරමින් ආර්ථික අර්බුදවලට විසඳුම් හෝ ශ්‍රී ලාංකිකයන්ට මේ අවස්ථාවේ අවශ්‍ය දේශපාලන ස්ථාවරත්වය හෝ නොලැබෙන බව ද ඇය සඳහන් කරයි.


RECOMMEND POSTS