සවුදියේ නීති විරෝධීව සිටි ලාංකිකයෝ 14 ක් ආපසු එති



සවුදි අරාබියේ නීති විරෝධි ලෙස රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 14 දෙනෙක් එරට මේ  වන විට ක්‍රීයාත්මක පොදු සමා කාලය ප්‍රයෝජනයට ගෙන කිසිදු දඩ මුදල් ගෙවීමකින් තොරව අද දිවයිනට පැමිණියහ.

මෙම පිරිස අතර කාන්තාවන් අට දෙනෙකු සහ පිරිමි හය දෙනෙක් සිටියහ. මොවුන් සවුදියේ ජෙඩා හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය වෙත පැමිණ තම ලිය කියවිලි සකස් කරගත් පිරිසක් වෙති.

පොදු සමා කාලය ආරම්භ වූ ඉකුත් මාර්තු 29 දාම කොන්සල් කාර්යාලය වෙත පැමිණි බැවින් මෙම පිරිසට ඉක්මණින් තම ලියකියවිලි සකස් කර ගැනීමට හැකි වූ බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

තවත් පිරිසක් ජෙඩා හි කොන්සල් කාර්යාලයේ හා රියාද් හි තානාපති කාර්යාලයේ මේ වන විට ලිය කියවිලි සකස් කර ගැනිීමේ නිරතව සිටින බවත් ඔවුන් ද ඉදිරි දිනවල දී මෙරටට ලඟාවනු ඇති බවත් එම නිලධාරියා කීය.

එරට නීති විරෝධී ලෙස රැඳී සිටින්නේ නම් ලබන ජුනි 29 දා තෙක් බල පැවැත්වෙන පොදු සමා කාලය ප්‍රයෝජනයට ගෙන කිසිදු දඩ ගෙවීමකින් තොරව මව් බිමට යන්නැයි තානාපති කාර්යාල නිලධාරියා සවුදියේ නීති  විරෝධීව වෙසෙන ශ්‍රී ලාංකිකයන් ගෙන් ඉල්ලා සිටියේය.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS