ශ්රී ලාංකිකයෙක් කොරියාවේදී මරුට
කොරියාවේ සේවය කරන ශ්රී ලාංකිකයෙක් රියැදුරු බලපත්ර හෝ හිස් වැසුම් නැතිව බලපත්ර රහිත යතුරු පැදියක් පදවද්දී සිදු වූ අනතුරකින් මිය ගොස් ඇතැයි තානාපති සේවා ආරංචි මාර්ග පවසයි.
ඔහු මහා මාර්ගයේ නීති විරෝධී අන්දමින් ඉරි කපමින් යතුරු පැදිය ඉස්සර කරද්දී අනෙක් පසින් පැමිණි වාහනයක හැපී තුවාල ලබා රෝහල් ගත කොට තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ මාතර, ගන්දර ප්රදේශයේ පදිංචිකරුවෙකු වූ ලොකු බදුගේ ඔෂාන් ලහිරු නමැති 25 හැවිරිදි තරුණයෙකි. ඔහු ඉකුත් 4 වැනිදා මෙම අනතුරට මුහුණ දී ඇති අතර දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදී පෙරේදා (10) මිය ගොස් ඇත.
මෙම තරුණයා ධීවර රැකියාව සඳහා කොරියාවට ගොස් ඇත්තේ ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේ දීය.
මෙම අවාසනාවන්ත මරණයට හේතුව මාර්ග නීති පිළි නොපැදීමත් ආරක්ෂාව පිළිබඳව කටයුතු නොකිරීමත් නිසා යැයි සිද්ධිය පිළිබඳ කළ විමසීමක දී ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරියෙක් ප්රකාශ කළේය.
විදෙස් රටවල සේවය කරන්නේ නම් එම රටවල නීති අනුව කටයුතු කරන්නැයි ද ආරක්ෂාව වෙනුවෙන් පියවර ගන්නැයි කාර්යංශය විදේශ ගත ශ්රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරන බවද හෙතෙම තව දුරටත් සඳහන් කළේය.
විනීතා එම්. ගමගේ