ශ්‍රී ලාංකිකයනට ඊශ්‍රායලයේ රැකියා අවස්ථා



(විනීතා එම් ගමගේ)

ඊශ්‍රායලයේ රැකියා අවස්ථා 50ක් සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය අයදුම්පත් කැඳවයි. එරට ආබාධිත හා වැඩඩිහිටි පුද්ගලයන් බලා ගැනීම සඳහා මෙම රැකියා අවස්ථා පවතින අතර ඒ සඳහා වයස අවුරුදු 25-40 ත් අතර පිරිමි කාන්තා දෙපක්ෂයටම අයදුම් කළ හැක.

විදේශ රැකියා අමාත්‍යංශය , ඊශ්‍රායෙල් රජය සමඟ ඇතිකර ගන්නා ලද ඒකාබද්ධ නියමු රැකියා අමාත්‍යංශය ව්‍යාපෘතිය යටතේ, මෙම රැිකියා අවස්ථා ලැබී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.

අයදුම්කරුවන්ට, ඉංග්‍රිසි භාෂාව පිළිබඳව මධ්‍ය මට්ටමට දැනුමක් තිබිය යුතු අතර, මීට පෙර ඊශ්‍රායෙලයේ රැකියාවල නිරත වූ අයට අයදුම් කල නොහැක. මෙම වැඩපිළිවෙළට සහභාගි වීම සඳහා කිසිඳු බඳවා ගැනීම් ගාස්තුවක් අය කරනු නොලැබේ. රාජ්‍යන් දෙක අතර, එකඟතාවයට පැමිණ ඇති ගාස්තු පමණක් අයකරනු ලැබේ.

අයදුම්පත්, රැකියා විස්තරය, වැටුප්, පූර්ව අවශ්‍යතා, රැකියාවේ කාලසීමාව, බඳවා ගැනීමේ පිළිවෙත, දැරිය යුතු වියදම් ඇතුළු අනෙකුත් විස්තර ශ්‍රී ලංකා  විදේශ  සේවා  නියුක්ති  කාර්යාංශයේ  අඅඅගිකඉfැගකන  වෙබ්  අඩවියේ “න්‍දසබඑ ඡසකදඑ ඡරදටර්පපැ දෙර ක්‍්රුටසඩැරි දබ ෂිර්ැක ” මඟින් ලබාගත හැකි බව, කාර්යාංශය නිවේදනය කරයි. අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2016 සැප්තැම්බර් 07 දින වේ.


RECOMMEND POSTS