ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික්



ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ලෙස ඇන්ඩෘ පැට්‍රික් පත් කර තිබේ.

මෙතෙක් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ලෙස සිටි සාරා හුල්ටන් වෙනත් රාජ්‍ය තාන්ත්‍රික සේවා පත්වීමකට මාරු වීමට නියමිත බැවින් ඇන්ඩෲ පැට්‍රික්ට මෙම තනතුර හිමිව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඇන්ඩෲ පැට්‍රික් මහතා ලබන අගෝස්තු මාසයේදී ඔහුගේ පත්වීම භාර ගනු ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් වෙයි.

ඇන්ඩෘ පැට්‍රික් 2022 පෙබරවාරි සිට 2023 මැයි දක්වා එක්සත් රාජධානියේ විවිධ භූමිකාවන් නියෝජනය කළේය.


RECOMMEND POSTS