ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපතිනිය



ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි ජේ. චන්ග් මහත්මිය එළැඹෙන සතියේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වීමට නියමිත ය.

ජූලි ජේ. ජන්ග් මහත්මිය ඉකුත් දා (18) මෙරටට පැමිණියා ය.

ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව ඇය සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබිණි.

ප්‍රජාතන්ත්‍රවාදී අගනාකම්වල සිට ආරක්ෂිත සහ සෞභාග්‍යවත් ඉන්දු ශාන්තිකර කලාපයක් දක්වා ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පොදු සහ එක සමාන කරුණු රැසක් තිබෙන ඇය එහිදි සඳහන් කර ඇත.

තමන්ව හඳුන්වා දෙමින් ඇය සිය ට්විටර් පණිවුඩයට කෙටි විඩියෝ පටයක් ද ඇතුළත් කර ඇත.

එහි මෙසේ දැක්වෙයි.

“නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට ලැබීම මගේ සිහිනයක් සැබෑ වීමක් බව මුලින්ම කියන්න කැමැතියි. මම මුලින්ම ශ්‍රී ලංකාවේ සංචාරය කළේ මීටර වසර දහයකට පෙර යි. ඒ මතක මගේ සිතේ තදින් තැන්පත් වී තිබෙනවා. ඒ මතක තවමත් නැවුම්. ශ්‍රී ලංකාවේ අද්වීතිය ස්වභාවික සුන්දරත්වය, ප්‍රණීත ආහාරපාන හා කුළුබඩු, දුම්රිය සහ ත්‍රී රෝද ගමන්, ඒ සියල්ලටත් වඩා මගේ ශ්‍රී ලංකා සංචාරයේ දී මට හමු වූ ශ්‍රී ලාංකිකයන්ගේ උණුසුම මට අද මෙන් මතකයි.

තානාපති කාර්යභාරය බාරගැනීම අතිමහත් ගෞරවයක්. මම ඔබේ රටේ අතීත උරුමය, විවිධ සංස්කෘතීන්, සහ නූතන සංකීර්ණත්වය ඇතුළුව ඔබේ රට ගැන බොහෝ දේ ඉගෙන ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. සියවස් දෙකක් තිස්සේ ඇමෙරිකාවේ ආර්ථිකය ඉදිරියට ගෙන ගියේ ඇමෙරිකාවේ නවෝත්පාදනය, ව්‍යවසායකත්වය චින්තනය සහ ලොව නන්දෙසින් ඇමෙරිකාවට පැමිණි බොහෝ සංක්‍රමණිකයන් බව කිව යුතුයි. ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය,ව්‍යාපාරික අංශය සහ තරුණ පිරිස් වගේම ශක්තිමත් පුද්ගල සම්බන්ධතා මඟින් තානාපතිවරිය වශයෙන් මාගේ වැඩ කටයුතු හැඩගස්වනු ඇත්තේ මා ඉහත කී ගුණාංග යි. ඔබ පිළිබඳ ඉගෙන ගැනීමට මා මාගේ උපරිමයෙන් වෙහෙසනවා.

ඊට කලින් ඔබට මා ගැන තොරතුරු කිහිපයක් කියන්න කැමැතියි. මම ඇමෙරිකාවේ පළමු පරම්පරාවේ ජාතිකයෙක්. මට වයස අවුරුදු පහේදී මගේ පවුල කොරියාවේ සිට එක්සත් ජනපදයට පැමිණියා. ඒ නිසා වර්ණ සමක් සහිත කාන්තාවක් වශයෙන් විවිධත්වය, අන්‍යයන් ඉවසීම මට ඉතා වැදගත්. එසේ වැදගත් වීම පුදුමයක් නොවේ.

මගේ පවුල පදිංචි වුණේ ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ. හොලිවුඩය සහ ඩිස්නිලන්තය තියෙන්නෙත් කැලිෆෝනියාවේ. ඒ වගේම විශාල ශ්‍රී ලාංකික පිරිසක් ඇමෙරිකාවේ කැලිෆෝනියා හි ජීවත් වෙනවා.

මගේ සැමියා, පුතා වගේම අපගේ සුරතලා වන මාර්තාත් මා ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා.

මා එළිමහනට බොහෝ කැමැතියි. විනෝද ගමන් යෑමටත්, ඇවිදීමටත්, පිහිනීමට සහ විවිධ ක්‍රීඩා නැරැඹීමටත් කැමැතියි.

විශේෂයෙන්ම මම ක්‍රිකට් ක්‍රීඩාව ගැන දැනගැනීමටත් ජාතික කණ්ඩායමට ඔල්වරසන් හඬ නගන්නටත් බලාපොරොත්තු වෙනවා.

ශ්‍රී ලංකාවට මා පිළිගැනීම සම්බන්ධයෙන් බොහෝම ස්තූති යි. මට හැකි තරම්, ඔබ සියලු දෙනාගෙන් බොහෝදෙනකු මුණ ගැසීමටත් මා බලාපොරොත්තු වෙනවා.”

(හර්ෂණ තුෂාර සිල්වා)


RECOMMEND POSTS